Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය සමාව අයදී

එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය සමාව අයදී

editorial - 2021 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ එංගලන්තය අතර බ්‍රිස්ටල්හී ප්‍රාන්ත ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භවූ කාන්තා ටෙස්ට් තරගය සඳහා නව තණතීරුවක් ලබාදීමට නොහැකි වීම පිළිබඳව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය සමාව අයැද තිබේ. දේශීය විස්සයි20 තරගාවලිය යටතේ පසුගිය සතියේ පැවැති තරගයකදී ඕවර 37 ක් ක්‍රීඩාකළ තණතීරුවක් මෙම ටෙස්ට් තරගයට ලබාදී ඇත.

 ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා ඕවර 37 ක් ක්‍රීඩා කළ තණතීරුවක් ලබාදීම ගැන අපි සැවොම කලකිරීමට පත්ව සිටිනවා. එංගලන්ත කාන්තා කණ්ඩායමට අලුත් තණතීරුවක් ලැබීම සුදුසු බව අපි දන්නවා. මේ අවස්ථාවේදී අපට එය ලබා දීමට නොහැකි වීම ගැන කණගාටු වෙනවා” යැයි එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය පැවසීය.

“මම හිතන්නේ එය පැහැදිලිවම පරමාදර්ශී නොවන බවයි. අපි නැවුම් තණතීරුවක ක්‍රීඩාකරන්න කැමති නමුත් එය සිදුවී නෑ. අපි දන්නේ නෑ මේකේ ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා. මෙතරම් විශාල අවස්ථාවක් සඳහා නැවුම් තණතීරුවක් ලබා නොදීම සුදුසු වන්නේ නෑ” යැයි එංගලන්ත නායිකා හෙදර් නයිට් පැවසුවාය.

පසුගිය සතියේ ඔවුන් ඒ පිළිබඳව දැනගත් පසු එය වෙනස් කිරීමට උත්සාහ කර ඇති නමුත් එම උත්සාහය නිෂ්ඵලවී ඇත.

“අපි පසුගිය සතියේ තමයි ඒ පිළිබඳව දැනගත්තේ. අපි පැහැදිලිවම එය වෙනස් කිරීමට උත්සාහ කළා. නමුත් අපි එය කරන්න හදනකොට ටිකක් ප්‍රමාදයි. එය අවාසනාවක්. නමුත් එහි තවමත් හොඳින් ක්‍රීඩා කරන්න පුලුවන්” යැයි  හෙදර් නයිට් වැඩිදුරටත් පැවසුවාය.
එංගලන්ත කාන්තා කණ්ඩායම වසර දෙකකට ආසන්න කාලයකට පසුව ප්‍රථම වතාවට සිය රටේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට සූදානම් වන නමුත් එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඇලෙක්ස් හාර්ට්ලි සමාජ මාධ්‍යවල මෙම සිදුවීම් පිළිබඳව දැඩි විවේචනයට ලක්කර ඇත.

සියල්ලන්ම නැවුම් තණතීරුවක් ලබානොදීම පිළිබඳව කතා කරන විට ඉන්දියානු නායිකා මිතාලි රාජ් තණතීරුව පිළිබඳ කථාව වෙන අතකට යොමුකරමින් කතා කිරීම සිත්ගන්නා සුළු කරුණක් විය.

2014 න් පසුව ප්‍රථම වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට ලැබීම නිසා ‘චින්තන ක්‍රියාවලිය‘ සහ උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමට ඔවුන් තීරණය කළ බව මිතාලි රාජ් පැවසුවාය.

“අපි ආවේ ක්‍රීඩා කරන්නයි. අපට කුමන තණතීරුවක් ලැබුණත්, අපි උත්සාහ කරන්නේ එයින් ප්‍රතිඵලයක් ලබා ගන්නයි” යැයි මිතාලී රාජ් පුවත්පත් සාකච්ඡාවේදී පැවසුවාය.

“එය අපගේ සිතීමේ ක්‍රියාවලියයි. එය පාවිච්චි කළ හෝ නොකල නැවුම් තණතීරුවක් වේවා... ක්‍රීඩකයෙක් සහ නායකයෙකු වශයෙන් මට අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ මගේ කණ්ඩායමට සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමටයි. ඒ සඳහා අපගේ උපාය මාර්ග ඒ අනුව සකස් කිරීම වැදගත් වෙනවා” යයිද ඉන්දීය නායිකාව පැවසුවාය.

-2079

 


අදහස් (0)

එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය සමාව අයදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.