Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නවසීලන්තයට ඓතිහාසික ජයක්
වෙලිංටන් ටෙස්ට් තරගය

නවසීලන්තයට ඓතිහාසික ජයක්

editorial - 2023 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දීමේ අවමානයට මුහුණ දීමෙන් පසුව ටෙස්ට් තරගයත් ජයගත් ලෝකයේ තුන්වැනි කණ්ඩායම වීමට නවසීලන්තය අද (28 වැනිදා) සමත් විය. වෙලිංටන් නුවර බේසින් රිසව් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 01 ක තියුණු ජයක් ලබාගත් නවසීලන්තය තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් සමකර ගත්තේය.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය වසර 146 ක් පුරා (1877 දක්වා) දිවයන නමුත්, පිට පිටම දෙවැනි ඉනිමේදීත් පන්දුවට පහර දුන් කණ්ඩායමක් ටෙස්ට් තරගයක් ජයගත් සිව්වැනි අවස්ථාව මෙයයි. මීට පෙර එංගලන්තය (දෙවතාවක්) සහ ඉන්දියාව එවන් දස්කමක් කර තිබිණ.

නවසීලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 483 ක් ලබාගැනීමෙන් පසුව එංගලන්ත කණ්ඩායමේ ජයග්රා්හී ඉලක්කය ලකුණු 258 ක් විය. තරගයේ සිව්වැනි දිනය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 48 ක් ලබා සිටි එංගලන්තයට සිය ජයග්රලහණය සඳහා අද දිනයේදී තවත් ලකුණු 210 ක් අවශ්යනව තිබිණ. එහෙත් ජයග්‍රහණයට ලකුණු 02 ක් තිබියදී නීල් වැග්නර් යැවූ පන්දුවකින් එංගලන්ත පිලේ අවසන් පිතිකරුවා වූ ජේම්ස් ඇන්ඩසන් දැවී යාමත් සමගින්, නවසීලන්තයට ලකුණක ජයක් හිමිකර දෙමින් නීල් වැග්නර් ලකුණු 62 කට කඩුලු 4 ක හිමිකරුවා විය.

ලකුණු 80 කට කඩුලු 5 ක් ඇද වැටී තිබියදී සිය සුපුරුදු පිතිහරඹයෙන් ඈත්වූ හිටපු නායක ජෝ රූට්, ආක්‍රමණශීලී ආකාරයෙන්, පන්දු 113 කින් ලකුණු 95 ක් ලබාගත්තේ හතරේ පහර 8 ක් සහ හයේ පහර 3 ක් ද ඊට ඇතුළත් කරමිනි. රූට් සහ නායක බෙන් ස්ටෝක්ස් අතර හයවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 121 කි.

ලකුණු සංඛ්‍යාව 202 ක් ව තිබියදී රූට් දැවී යාමෙන් පසුව, කඩුලු රකින්නා වූ බෙන් ෆෝක්ස් (35) ලකුණු සංඛ්‍යාව කඩුලු 8 කට 251 ක් දක්වා ඉහළ නැංවූ නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික න්‍යාය වන ‘අවිනිශ්චිතතාව’ යළිත් වරක් සනාථ කරමින් ලකුණු 05 ක් ඇතුළත අවසන් කඩුලු දෙකම දැවී ගියේය. නවසීලන්තයට එක ලකුණක ජයක් හිමිවිය.

මෙම තරගය පරාජය වූ නමුත් මෙවර ශීත සෘතු චාරිකාවේදී එංගලන්තය ටෙස්ට් තරග 5 කින් 4 ක් ජයගත්තේය. පාකිස්තානයේදී ලබාගත් 3-0 ක තරගාවලි ජයත් ඊට ඇතුළත් වෙයි. තවුරංගා නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී නවසීලන්තය පරාජය කරමින් එංගලන්ත කණ්ඩායම ලකුණු 267 ක ජයක් ලබාගත්තේය.

 

එංගලන්තය - පළමු ඉනිම කඩුලු 8 ට 435
නවසීලන්තය  - පළමු ඉනිම 209
නවසීලන්තය - දෙවැනි ඉනිම 485

(ටොම් ලෙතම් 83, ඩෙවොන් කොන්වේ 61, කේන් විලියම්සන් 132, හෙන්රි නිකොල්ස් 29, ඩැරිල් මිචෙල් 54, ටොම් බ්ලන්ඩල් 90, ජැක් ලීච් 157/5)
එංගලන්තය - දෙවැනි ඉනිම 256
(සැක් ක්රෝ ලි 24, බෙන් ඩකට් 33, ඔලී පෝප් 14, ජෝ රූට් 95, බෙන් ස්ටෝක්ස් 33, බෙන් ෆෝක්ස් 35, ටිම් සවුති 45/3, මැතිව් හෙන්රි 75/2, නීල් වැග්නර් 62/4)

 

පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයට මුහුණ දීමෙන් පසුව ටෙස්ට් තරග ජයගත් කණ්ඩායම්
■ 1894 සිඩ්නිහි දී - එංගලන්තය (325 සහ 437) විසින් ඕස්ට්‍රේලියාව (586 සහ 166) ලකුණු 10 කින් පරාජය කරන ලදි.  
■ 1981 හෙඩිංග්ලිහිදී - එංගලන්තය (174 සහ 356) විසින් ඕස්ට්‍රේලියාව (401/9 සහ 111) ලකුණු 18 කින් පරාජය කරන ලදි.
■ 2001 කල්කටාවේදී - ඉන්දියාව (171 සහ 657/7) විසින් ඕස්ට්‍රේලියාව (445 සහ 212) ලකුණු 24 කින් පරාජය කරන ලදි.
■ 2023 වෙලිංටන්හිදී - නවසීලන්තය (209 සහ 483) විසින් එංගලන්තය (435/8 සහ 256) එක ලකුණකින් පරාජය කරන ලදි.

 

අඩුම ලකුණු සංඛ්‍යාවකින් ටෙස්ට් තරගයක් ජයගත් කණ්ඩායම්
■ ලකුණු 01 කින් - නවසීලන්තය විසින් එංගලන්තය පරාජය කරන ලදි. (2023 - වෙලිංටන්)
■ ලකුණු 01 කින් - බටහිර ඉන්දීය කොදෙව් විසින් ඕස්ට්‍රේලියාව පරාජය කරන ලදි. (1993 - ඇඩිලේඩ්)
■ ලකුණු 02 කින් - එංගලන්තය විසින් ඕස්ට්‍රේලියාව පරාජය කරන ලදි. (2005 - බර්මින්හැම්)
■ ලකුණු 03 කින් - ඕස්ට්‍රේලියාව විසින් එංගලන්තය පරාජය කරන ලදි. (1902 - මැන්චෙස්ටර්)
■ ලකුණු 03 කින්  - එංගලන්තය විසින් ඕස්ට්‍රේලියාව පරාජය කරන ලදි. (1982 - මෙල්බර්න්)

-213

අදහස් (0)

නවසීලන්තයට ඓතිහාසික ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.