Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියාවට කඩුලු 9 ක ජයක්
බෝඩර් - ගවස්කාර් කුසලාන

ඕස්ට්‍රේලියාවට කඩුලු 9 ක ජයක්

editorial - 2023 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැය එක හමාරකට ආසන්න කාලයක් සිය ධෛර්යය නොසිඳී රඳවාගත් මානස් ලැබුෂේන් සහ ට්‍රැවිස් හෙඩ් දෙදෙනා ඉන්දෝර්හිදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේදී කඩුලු 9 ක ජයක් කරා ඕස්ට්‍රේලියානු කණ්ඩායම කැඳවාගෙන ගියහ. මෙම ජයත් සමගින් තරගාවලියේ තත්ත්වය 2-1 ක් ලෙසින් වෙනස් කළ ඕස්ට්‍රේලියානුවෝ ‘බෝඩර් - ගවස්කාර් කුසලාන’ තරාගවලිය පරාජය නොවී සිටීමේ අවස්ථාව තවදුරටත් රඳවාගෙන සිටිති.

පැට් කමින්ස් නායකත්වය දුන් ඕස්ට්‍රේලියානු පිල පළමු තරග දෙකේදීම පරාජය වූ හෙයින් 2-0 ක් ලෙසින් තරගාවලියේ පසුපසට ඇද වැටිණ. එහෙත් පැට් කමින්ස්ගේ මව තදබල ලෙසින් අසනීප වීම නිසා කමින්ස් නැවතත් සියරට බලා ගිය අතර තුන්වැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු නායකත්වය නැවත වරක් ස්ටීවන් ස්මිත්ගේ කරපිට වැටිණ.

දෙවැනි දිනයේදී ඇදහිය නොහැකි උඩපන්දුවකින් චෙටේස්වාර් පුජාරාගේ ඉනිම අවසන් කරන ස්ටීවන් ස්මිත් සහ නේතන් ලයන් (64/8) එක්ව ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 163 කට සීමා කරමින් ඕස්ට්‍රේලියානුවන්ගේ ඉලක්කය ලකුණු 76 ක් තරමේ අත පොවන දුරකට ගෙන ආහ.

ඉලක්කය කරා යාමේදී ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුවට එකම ලකුණක් හෝ එක්වීමට පොරතුව උස්මන් කවාජා දැවී ගියත් විනාඩි 72 ක් පුරා ඉන්දියානුවන් වෙහෙසට පත්කළ මානස් ලැබුෂේන් සහ ට්‍රැවිස් හෙඩ් දෙදෙනා කඩුලු 9 ක ජයක් කරා ඉන්දීය කණ්ඩායම කැඳවාගෙන ගියහ. මෙම ජයග්‍රහණය, ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් වසර 2004 න් පසුව ඉන්දියාවේදී ලද දෙවැනි ටෙස්ට් ජයග්‍රහණයයි.

හත්වැනි ඕවරයේදී (ලකුණු 10/1) මානස් ලැබුෂේන්ගේ උඩපන්දුවක් රැකගත්තේ යයි විරාට් කෝලි දැඩි ඉල්ලීමක් කළ නමුත් විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට ස්තුතිවන්නට, ඕස්ට්‍රේලියානු පිතිකරුවා තමන්ගේ කඩුල්ල රැකගත්තේය.

ලැබුෂේන් සහ ට්‍රැවිස් හෙඩ් දෙදෙනා, විනාඩි 45 ක් පමණ ප්‍රවේසමෙන් පන්දුවට පහර දුන් බැවින් ඕවර 10 ක් නිමාවේදී ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ කඩුලු 1 කට 13 ක් ලෙසිනි.

එහෙත් 11 වැනි ඕයරයේදී හතරේ පහරකින් සහ හයේ පහරකින් රවිචන්ද්‍රන් අශ්වින්ට සංග්‍රහ කළ ට්‍රැවිස් හෙඩ් එතැන් සිට ආක්‍රමණශීලී පිළිවෙතක් අනුගමනය කළේය. හෙඩ් සහ ලැබුෂේන් දෙදෙනා අවසන් ලකුණු 65 ලබාගත්තේ ඕවර 8.5 කිනි.

මෙම ජයත් සමගින් ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයේ ස්ථානය ඕස්ට්‍රේලියානුවෝත් ස්ථිර කරගත්හ. අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් තරගයේදීත් ඕස්ට්‍රේලියානුවන් ජයගත්තද, ඉන්දීය කණ්ඩායමත් එහි අවසන් තරගයට පිවිසෙනු ඇත.


ඉන්දියාව - පළමු ඉනිම 109 යි
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 197 යි
ඉන්දියාව  - දෙවැනි ඉනිම 163 යි
ඕස්ට්‍රේලියාව - කඩුලු 1 ට 78 යි

(ට්‍රැවිස් හෙඩ් නොදැවී 49, මානස් ලැබුෂේන් නොදැවී 28)

- 213

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.