Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා කාන්තා පිලට දැවැන්ත පරාජයක්
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා පිලට දැවැන්ත පරාජයක්

editorial - 2022 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ විස්සයි20 කාන්තා ක්‍රිකට් ඉසව්ව යටතේ ඊයේ (4 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමත්විය. කෙසේ වෙතත් කණ්ඩායම් දෙකටම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මෙම තරගයේ තීරණය බලපෑමක් නොකලේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 47 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා ආරම්භක පිතිකාරියන් දෙදෙනා ඕවර 6.1 කදී කිසිවකු නොදැවී ඉලක්කය පසුකර යෑමට සමත් වූහ.

ඇනකි බොස්ච් පන්දු 16 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් සහ තස්මින් බි්‍රට්ස් පන්දු 21 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 21 ක් ලබාගනිමින් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 17.1 කදී සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 46 ක් පමණි.

නායිකා චමරි අතපත්තු පමණක් ලකුණු 10 සීමාව පසුකරමින් පන්දු 29 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 15 ක් ලබාගැනිමට සමත්වූවාය. සෙසු පිතිකාරිණියන් 10 දෙනාගෙන් කිසිවකුට ලකුණු 10 සීමාව පසුකිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නඩිනි ඩි‘ක්ලාක් ඕවර 4 ක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 7 කට කඩුලු 3 ක් සහ මසබාටා ක්ලාස් ඕවර 3 ක් යවමින් ලකුණු 7 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ. ශබ්නිම් ඉස්මයිල්, නොන්කුලුලේකෝ ලාබා සහ ක්ලෝයි ටි්‍රයෝන් කඩුල්ල බැගින් දවාගත්හ.

ශ්‍රී ලංකා කාන්තා ඉනිම - ඕවර 17.1 කදී සියලුදෙනා දැවී 46
(චමරි අතපත්තු 15, නඩිනි ඩි‘ක්ලාක් 07/3, මසබාටා ක්ලාස් 07/3)

දකුණු අප්‍රිකා කාන්තා ඉනිම - ඕවර 6.1 කදී කිසිවකු නොදැවී 49
(ඇනකි බොස්ච් නොදැවී 20, තස්මින් බි්‍රට්ස් නොදැවී 21)


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා පිලට දැවැන්ත පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.