Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International චෙන්නායි පිල පෙරමුණ ගනී

චෙන්නායි පිල පෙරමුණ ගනී

editorial - 2021 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලි‍යේ මූලික වටයේ තරග 32 ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වී ඇත. මෙතෙක් සහභාගි වී ඇති තරග 8 න් 6 ක් ‍ජයගෙන, 2 ක් පරාජයට පත්වී ඇති චෙන්නායි කණ්ඩායම මේ වන විට ලබා සිටින ලකුණු සංඛ්‍යාව 12 කි‍.

කොවිඩ් වසංගත‍යෙන් අනතුරුව යළිත් හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වීමෙන් පසුව පැවැති පළමු තරගයේදීම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 20 ක ජයක් වාර්තා කරමින් චෙන්නායි කණ්ඩායම ප්‍රසාල ලකුණු සටහනේ ‍පෙරමුණට පැමිණ‍ියේය.  ශ්‍රෙයාස් අයියර් නායකත්වය දරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමද තරග 8 කට සහභාගි වී ඉන් තරග 6 ක් ජයගෙන 2 ක් පරාජය වී ලකුණු 12 ක් ලබා සිටින නමුත්, දළ ලකුණු වේගය අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි.

කොවිඩ් වසංගත‍ය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය අතර මඟ නතර කරන විට එහි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ දිල්ලි පිල, යළිත් තරගාවලිය ආරම්භ වීමෙන් පසුව තවමත් තරග බිමට පිවිසියේ නැත. තරගාවලියේ 33 වැනි තරගයේදී අද (23 වැනිදා) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට‍ එරෙහිව දිල්ලි කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය.

විරාට් කෝලි නායකත්වය දරන බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම තරග 8 කදී ජයග්‍රහණ 5 ක් සහ පරාජයන් 3 ක් ලබා ලකුණු 10 ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියි. තරගාවලිය නැවත ආරම්භ වීමෙන් පසුව සහභාගි වූ පළමු තරගයේදීම ඔවුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම හමුවේ කඩුලු 9 ක දැවැන්ත පරාජයකට ලක් විය.

මෙතෙක් පැවැති තරගවලදී ජයග්‍රහණ 4 ක් සහ පරාජයන් 4 ක් බැගින් ලබා ලකුණු 8 ක් බැගින් රැස්කරගෙන සිටින මුම්බායි ඉන්දියන් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් ඔවුන්ගේ දළ ලකුණු වේගයන් අනුව පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවෙති.

තරගාවලියේ මුලික වටයේ තවත් තරග 24 ක් ඉතිරිව ඇති බැවින් අවසන් වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා කණ්ඩායම් 8 ටම තවමත් අවස්ථාව තිබේ. එබැවින් ඉදිරි සති 2 තුළ මෙම කණ්ඩායම් අතර ඉතා තියුණු තරගකාරීත්වයක් දැක ලබා ගැනීමට හැකි වනු ඇත.

 දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් තරග 8 කදී ලකුණු 380 ක් රැස්කරමින් මේ දක්වා පැවැති තරගවලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින අතර බැංගලෝර් කණ්ඩායමේ මඳ වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටේල් තරග 8 කදී කඩුලු 17 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවේ.

-036

 


අදහස් (0)

චෙන්නායි පිල පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.