Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කෝලි විස්සයි20 නායකත්වයෙන් ඉවත්වෙයි

කෝලි විස්සයි20 නායකත්වයෙන් ඉවත්වෙයි

editorial - 2021 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඉන්දීය විස්සයි20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වීමට විරාට් කෝලි තීරණය කර ඇත. අද (16 වැනිදා) සිය ට්විටර් ගිණුම ඔස්සේ ඔහු ඒ බව නිවේදන‍ය ‍කළේය.

"විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කාලය තුළ මට කණ්ඩායම වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සේවයක් මම ලබාදුන්නා. ඉදිරියේදීත් පිතිකරුව‍කු ලෙස කණ්ඩායමට දායකත්වටය ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා." යැයි කෝලිගේ නිවේදනයේ සඳහන් වේ.

"ඇත්ත වශයෙන්ම මෙම තීරණයට ගැනීමට මට බොහෝ කාලයක් ගතවුණා. ඒ ගැන මම පුහුණුකරු රවී ශ්‍රාස්ත්‍රී සහ උප නායක රෝහිත් සමග දිගින් දිගටම සාකච්ඡා කළා. ඉන් පසුව ඔක්තෝම්බර් මාසයේ ඩුබායිහිදී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව මම විස්සයි20 නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළා." යැයිද කෝලිගේ නිවේදනයේ කියැවේ.

"නායකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ‍ජයේ ෂා මහතා සහ සභාපති සෞරව් ගංගුලි මහතා සමගත් සාකච්ඡා කළා. ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට හැකි වීම පමණක් නොවේ, කණ්ඩායමේ නායකත්වය දරන්න ලැබීමත් මා ලද භාග්‍යයක් ලෙස මම සලකනවා. ඒ නිසා හැකි උපරිම කාලයක් මගේ සේවය කණ්ඩායමට ලබාදීමට බලාපොරොත්තු වෙනවා."  

"ඒ වගේම කණ්ඩායමේ නායකත්වය දැරූ කාලය තුළ මට නොයෙක් අයුරින් සහයෝගය දැක්වූ පුහුණුකරුවන්ට, ක්‍රීඩකයන්ට, ක්‍රිකට් පාලක මණ්ඩලයට, තේරී කමිටුවට වගේම මගේ පවුලේ සාමාජිකයන්ටත් මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා." යැයිද කෝලි සඳහන් කළේය.

විස්සයි20 නායකත්වයෙන් ඉවත් වුවද, තවරදුටත් ඉන්දීය එක්දින සහ ටෙස්ට් කණ්ඩායම්වල නායකයා ලෙස තමා කටයුතු කරන බවත්, ඉදිරියේදී සිය පිතිහරඹය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බවත් කෝලි නිවේදනය ඔස්සේ වැඩි දුරටත් කියා සිටියේය.

-036

 


අදහස් (0)

කෝලි විස්සයි20 නායකත්වයෙන් ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.