Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොදෙව්වෝ තරගාවලිය සම කරති

කොදෙව්වෝ තරගාවලිය සම කරති

editorial - 2021 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිකලස් පූරන් (නොදැවී 59) සහ ජේසන් හෝල්ඩර්ගේ (52) අර්ධ ශතක හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව බාබඩෝස්හී බ්‍රිජ්ටවුන්හිදී පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 4 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමටද කොදෙව් පිලට හැකිවිය.

අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ දෙවැනි තරගය පසුගිය 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් බටහිර ඉන්දීය කොදෙව් ජෛව ආර්ක්‍ෂිත බුබුල තුල කොවිඩ් ආසාදිතයකු වාර්තා වීමත් සමගින් තරගය අත්හිටුවන ලදී.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක ඇලෙක්ස් කේරි පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් පසුව මෙම සිද්ධිය වාර්තා වූ අතර පසුව දෙවන තරගය අත්හිටුවීමට තීරණය කරන ලදී. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩා නොකරන සාමාජිකයෙකු ක්‍රීඩා කිරීමට පෙර සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයක් ධනාත්මක වීම හේතුවෙන් දෙපාර්ශ්වයේම වෛද්‍ය නිලධාරීන්ට ඊට මැදිහත් වීමට සිදුවුණි.

තරගය කල් දැමීමෙන් පසුව පුද්ගලයින් 152 දෙනෙකුගෙන් සමන්විත වූ පුහුණු කාර්ය මණ්ඩලය, නිලධාරීන් සහ රූපවාහිනී කාර්ය මණ්ඩලය යන සියල්ලන්ටම පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකර ඇති අතර එම සියළු ප්‍රතිඵල ඍණාත්මක වීමත් සමගින් බලපෑමකින් තොරව තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යාමට අවස්ථාව උදාවිය. ඒ අනුව දෙරට අතර දෙවැනි එක්දින තරගය ඊයේ (24 වැනිදා) පැවැති අතර තෙවැනි එක්දින තරගය හෙට (26 වැනිදා) පැවැත්වේ.

පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාවට ඕවර 47.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 187 ක් පමණි. කොදෙව් පන්දු යවන්නන් හමුවේ මුල්පෙළ පිතිකරුවන් 6 දෙනෙකු ලකුණු 45 ක් තුල පිටියෙන් ඉවත්වන විට පසුපෙළ පිතිකරුවන් සිය කණ්ඩායම ලකුණු 187 ක් දක්වා රැගෙන යාමට සමත්වූහ.

මැතිව් වේඩ් පන්දු 68 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 36 ක් ද, ඇඩම් සම්පා පන්දු 62 කදි හතරේ පහර 4 ක් සමගින් ලකුණු 36 ක් සහ වෙස් ආගර් පන්දු 36 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 41 ක් ලබාගත්තේය. මිචෙල් ස්ටාක්ද පන්දු 43 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 19 ක් රැස්කරමින් 7 වැනි කඩුල්ල සඳහා මැතිව් වේඩ් සමගින් ලකුණු 51 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

අකීල් හුසේන් සහ අල්සාරී ජෝසප් කඩුලු 3 බැගින්ද ශෙල්ඩන් කොට්ට්‍රේල් කඩුලු 2 ක් ද දවාගනිමින් ඕස්ට්‍රේලියාව අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් පිල ඕවර 38 කදී කඩුලු 6 ක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය. නිකලස් පූරන් නොදැවී ලකුණු 59 ක් රැස්කරමින් ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. පන්දු 75 කට මුහුණදුන් නිකලස් පූරන්ගේ ඉනිමට හයේ සහ හතරේ පහර 2 බැගින් ඇතුළත් විය.

නිකලස් පූරන්ට අනගි සහයක් ලබාදුන් ජේසන් හෝල්ඩර් පන්දු 69 කදි හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිලේ ජයග්‍රහණයට අඩිතාලම දමාදුන්හ. ෂායි හෝප් පන්දු 43 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 38 ක් ලබාගත්තේය.

මිචෙල් ස්ටාක් සිට ඕවර 10 ලකුණු 26 කට සීමාකරමින් එක් නිලකුණු ඕවරයක් සමගින් කඩුලු 3 ක් දවාගත්තද කොදෙව් පිලේ ජයග්‍රහණය වලකාලීමට අපොහොසත් විය. ඇඩම් සම්පා ලකුණු 43 කට කඩුලු 2 ක් දවාගත්තේය.


ඕස්ට්‍රේලියාව - ඕවර 47.1 කදී සියලුදෙනා දැවී 187
(මැතිව් වේඩ් 36, ඇඩම් සම්පා 36, වෙස් ආගර් 41, අකීල් හුසේන් 30/3, අල්සාරී ජෝසප් 39/3, ශෙල්ඩන් කොට්ට්‍රේල් 29/2)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 38 කදී කඩුලු 6 ක් දැවී 191
(ෂායි හෝප් 38, නිකලස් පූරන් නොදැවී 59, ජේසන් හෝල්ඩර් 52, මිචෙල් ස්ටාර්ක් 26/3, ඇඩම් සම්පා 43/2)

- 2079


අදහස් (0)

කොදෙව්වෝ තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.