Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එවරස්ට් ප්‍රිමියර් ලීගයට අපෙන් 8 ක්

එවරස්ට් ප්‍රිමියර් ලීගයට අපෙන් 8 ක්

editorial - 2021 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ පැවැත්වෙන එවරස්ට් ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනෙක් ගිවිසුම් අත්සන් කර සිටිති. මෙම තරගාවලිය සඳහා උපුල් තරංග, ධම්මික ප්‍රසාද්, ඩිල්ෂාන් මුණවීර, සීකුගේ ප්‍රසන්න, ඕෂධ ප්‍රනාන්දු, සඳුන් වීරක්කොඩි, සහන් ආරච්චිගේ සහ අසේල ගුණරත්න යන ක්‍රීඩකයෝ සහභාගි වෙති.

කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් 4 වැනි වරටත් පැවැත්වෙන එවරස්ට් ප්‍රීමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 25 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනාට අමතරව තවත් රටවල් 10 ක් නියෝජනය කරමින් විදෙස් ක්‍රීඩකයෝ 17 ක් දෙනෙකු මෙවර එවරස්ට් ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්ව සිටිති.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් මෙවර පැවැත්වෙන එවරස්ට් ප්‍රීමියර් ලීග් තරගාවලියේ භයිරහාවා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් ගිවිසුම් අත්සන් කර තිබුනද ලෝක කුසලාන සංචිතයට තෝරා ගැනීමෙන් පසු ඔහු ඉන් ඉවත්විය.

අවසන් වරට පැවැති තරගාවලියන්හිදී පංචකන්යා ටෙජ් (2016), බිරත්නාගර් වොරියර්ස් (2017) සහ ලලිත්පූර් පේට්‍රියට්ස් (2018) යන කණ්ඩායම් ශූරතාව දිනා ඇත.

ටමීම් ඉක්බාල් (බංග්ලාදේශය), ශර්වින් මුනියන්ඩි සහ විරංදීප් සිං (මැලේසියාව), සීකන්දර් රාසා සහ රයන් බර්ල් (සිම්බාබ්වේ), චන්ද්‍රපෝල් හේම්රාජ් සහ කෙස්රික් විලියම්ස් (බටහිර ඉන්දීය කොදෙව්), රයන් පතාන් (කැනඩාව), මොහොමඞ් ශසාඞ්, කරීම් ජැනට්, රහ්මනුල්ලා ගුර්බාස් සහ අස්මතුල්ලා ඔමර්සායි (ඇෆ්ඝනිස්තාන්), ශහීඞ් අෆ්රිඩි සහ දනීෂ් අසීස් (පාකිස්තානය), ජනක් ප්‍රකාෂ් (සිංගප්පූරුව), රන්ජුන්ග් මිකියෝ දෝර්ජි (භූතානය), රිජඞ් ලෙවී (දකුණු අප්‍රිකාව) යන ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේදී විදෙස් ක්‍රීඩකයෝ ලෙස ක්‍රීඩා කරති.


-2079

 


අදහස් (0)

එවරස්ට් ප්‍රිමියර් ලීගයට අපෙන් 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.