Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අමිල අපෝන්සුත් රට හැරයයි

අමිල අපෝන්සුත් රට හැරයයි

editorial - 2021 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින සහ විස්සයි20 ජාත්‍යන්තර තරග සඳහා සහභාගිවූ අමිල අපෝන්සු ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගනිමින් සිය පවුල සමගින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට සූදානමින් සිටින බව වාර්තා වේ. 

එක්දින තරග 9 කට ක්‍රීඩාකර ඇති අපෝන්සු කඩුලු 10 ක් බිඳහෙළා ඇති අතර ලකුණු 18 කට කඩුලු 4 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වේ. එක්දින තරගයකදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 37.70 කි. විස්සයි20 ජාත්‍යන්තර තරග 3 කටද ක්‍රීඩාකර ඇති අමිල අපෝන්සු කඩුලු 4 ක් දවාගෙන ඇති අතර ඒවායේදී කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 19.75 කි.

මීට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ තවත් ක්‍රීඩකයකු වූ ෂෙහාන් ජයසූරියද ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගනිමින් මව්බිම හැර ගියේය. 

තමන් රටහැර යාම සම්බන්ධයෙන් අමිල අපෝන්සු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර නොමැති අතර පසුව දැනුම්දීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. 

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යලයෙන් අධ්‍යාපනය ලබා ඇති අමිල අපෝන්සු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට පෙර ශ්‍රී ලංකා වසය 15 න් පහළ, ශ්‍රී ලංකා වසය 17 න් පහළ, ශ්‍රී ලංකා වසය 19 න් පහළ, ශ්‍රී ලංකා වසය 23 න් පහළ, ශ්‍රී ලංකා නැඟීඑන, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් නියෝජනය කර ඇත. පළමු වරට පසුගිය වසරේ පැවැති ලන්කන් ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේදී කලම්බු කිංග්ස් පිලද නියෝජනය කළේය.

තවමත් 28 වන වියෙහි පසුවන අමිල අපෝන්සු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමූගන්නා බව ප්‍රකාශකර නොමැති අතර අතැම්විට ඇමරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවද වාර්තා වේ. ඉදිරියේදී කණ්ඩායම් 27 ක සහභාගිත්වයෙන් ඇමරිකාවේදී ආරම්භවීමට නියමිත සුළු පරිමාණ ක්‍රිකට් තරගාවලියක කණ්ඩායමක් සඳහා සුවිශේෂී ක්‍රිඩකයකු ලෙස අපෝන්සු එක්වීමට නියමිතව ඇත.

2012 වසරේදී ලන්කන් ක්‍රිකට් සමාජයෙන් පළමුපෙළ ක්‍රිකට් පිටියට අවතීර්ණවූ අමිල අපෝන්සු 2015 වසරේදී රාගම ක්‍රිකට් සමාජය සමගින් එක්විය. මේ වසරේ පැවැති අන්තර්සමාජ විස්සයි20 සහ එක්දින තරගාවලියටද රාගම පිල නියෝජනය කරමින් ඔහු සහභාගි විය. 

පළමු පෙළ තරග 62 කදී කඩුලු 273 ක්ද, දේශීය එක්දින තරග 75 කදී කඩුලු 98 ක් සහ දේශීය විස්සයි20 තරග 48 කදී කඩුලු 57 ක් බිඳහෙළමින් අමිල අපෝන්සු පන්දුවෙන් දස්කම් දක්වා ඇත.

 


අදහස් (0)

අමිල අපෝන්සුත් රට හැරයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.