Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International චමරිගේ ශතකය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්

චමරිගේ ශතකය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

editorial - 2021 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 

 

කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා සිම්බාබ්වේහිදී පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගාවලියේ පළමු තරගයේදී චමරි අතපත්තුගේ වේගවත් පිතිහරඹය හමුවේ (111) නෙදර්ලන්ත පිලට එරෙහිව ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 34 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 වැනිදා) සමත් විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 279 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත පිල වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 196 ක් ලබා සිටියේය.

පළමු කඩුල්ල ලකුණු 13 දී දැවී යෑමත් සමගින් දෙවැනි කඩුල්ල සඳහා එක්වූ බාබෙට් ලීඞ් සහ ස්ටෙරී කලිස් අර්ධ ශතක ලබාගනිමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමේ උත්සහයක නිරත වූහ. එහෙත් ඔවුන් දෙදෙනාගේ දැවී යෑමත් සමග නෙදර්ලන්ත කණ්ඩායමේ බලාපොරොත්තු සුන් විය. බාබෙට් ලීඞ් පන්දු 97 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 77 ක්ද, ස්ටෙරී කලිස් පන්දු 94 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 66 ක්ද රැස්කළහ. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 176 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 141 කි.

ඔවුන් දෙදෙනා හැරුණුකොට සෙසු නෙදර්ලන්ත පිතිකාරිණියන්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩක් ලබා නොදුන්හ. අනුරා රණසිංහ කඩුලූ 2 ක්ද, උදේශිකා ප‍්‍රබෝධනී, ඉනෝකා රණවීර සහ චමරි අතපත්තු කඩුල්ල බැගින්ද දවාගනිමින් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්තය පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 278 ක් රැුස්කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ නායිකා චමරි අතපත්තු සිය 6 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය ලබා ගත්තාය.

පන්දු 64 කදී වාර්තා වූ චමරිගේ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ 11 ක් ඇතුළත් විය. ශතකය ලබාගැනීමේ පසු තවත් පන්දු 6 කට පමණක් මුහුණදුන් අතපත්තුගේ ඉනිම ලකුණු 111 කට සීමා කිරීමට නෙදර්ලන්ත ක‍්‍රීඩිකා කැරොලින් ඩි‘ලැන්ග් සමත් වූවාය. දැවීයන විට පන්දු 70 කට මුහුණදී සිටි අතපත්තුගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය.

හසිනි පෙරේරා (26) සමග එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 82 කදී ලකුණු 93 ක සම්බන්ධතාවයක් පැවැත්වූ චමරි, ඉන් නොනැවතී තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඉමේෂා දුලානී (17) සමග එක්ව පන්දු 43 කදී ලකුණු 64 ක සම්බන්ධතාවයක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළාය. චමරිගේ දැවී යාමෙන් පසුව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 60 කදී ලකුණු 54 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට නිලක්ෂි ද සිල්වා (26) සහ අනුෂ්කා සංජීවනී (31) සමත් වූහ.

 

ශ්‍රී ලංකාව -  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 278
(හසිනි පෙරේරා 26, චමරි අතපත්තු 111, නිලක්ෂි සිල්වා 26, අනුෂ්කා සංජීවනී 31, අනුරා රණසිංහ 24, කැරොලින් ඩි‘ලැන්ග් 64/4, සිල්වර් සීගර්ස් 41/2)

නෙදර්ලන්තය -  ඕවර 43.4 කදී කඩුලූ 6 ක් දැවී 196
(බාබෙට් ලීඞ් 77, ස්ටෙරී කලිස් 66, අනුරා රණසිංහ 36/2)

 

- 2079

 


අදහස් (2)

චමරිගේ ශතකය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි
  • Senarath Wednesday, 24 November 2021 09:51 AM

    ගොඩක් සතුටුයි.. අපේ සුබපැතුම්..!!!

    Reply 0       0

    hemantha Wednesday, 24 November 2021 12:10 PM

    බිංදු කාරයෝ ටික අපේ පිරිමි කණ්ඩායමෙන් අයින් කරලා, චමරි අතපත්තු වගේ කාන්තා පිලේ අය පිරිමි කණ්ඩායමට දාන්න බැරි එක අවාසනාවක්.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.