Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ආසියානු කුසලාන වයස 23න් පහළ තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් සඳහා ලබන ඉරිදා (17) කටාර් රාජ්‍යය බලා පිටත්ව යයි. ශ්‍රී ලංකාව සහභාගි වන සුදුසුකම් තේරීමේ තරග වටය පැවැත්වෙන්නේද කටාර් රාජ්‍යයේදීය.
සාෆ් පාපන්දු ශූරතාවලියට සහභාගිවූ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් පස් දෙනෙක්ද මෙම තරග සංචාරයටද නිර්දේශවී සිටිති.
ශ්‍රී ලංකා වයස 23න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන් 23 දෙනෙකු හා නිලධාරීන් හා පුහුණුකරුවන් නව දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් කටාර් සංචාරයට සහභාගි වෙති. ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මොහොමඩ් අමුනුල්ලා මහතාත් සහාය පුහුණුකරු ලෙස මොහොමඩ් ජෙස්මින් මහතාත් මෙ තරග සංචාරයට එක්ව සිටිති.
කටාර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන වයස 23න් පහළ පාපන්දු ‘ඒ’ කාණ්ඩයේ සුදුසුකම් වටයේදී ශ්‍රී ලංකාව තරග වදින ආකාරය.
♦ ඔක්තෝබර් 25:- සිරියාවට එරෙහිව
♦ ඔක්තොබ්ර් 28:- කටාර් රාජ්‍යයට එරෙහිව
♦ ඔක්තෝබර් 31:- යේමනයට එරෙහිව.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.