Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බ්ලූ ස්ටාර්ස් කුසලානය අබියස
සුපර් ලීග් පාපන්දු

බ්ලූ ස්ටාර්ස් කුසලානය අබියස

editorial - 2021 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ පළමු අර්ධ වෘත්තීය පාපන්දු තරගාවලිය වන සුපර් ලීග් පාපන්දු තරගාවලිය එහි අවසන් අදියර වෙත ලඟා වෙමින් තිබේ. මේ වන විට බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග 7 කින් තරග 5 ක් ජයග‍්‍රහණය කරමින්, ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වී සිටී.

බ්ලූ ස්ටාර්ස් කණ්ඩායමට තවත් තරග 2 ක් ඉතිරිව තිබුණ ද එයින් එක් තරගයක් ජයග‍්‍රහණය කිරීමට සමත් වුවහොත් කුසලානය දිනාගැනීමේ අවස්ථාව ඔවුනට ලැබෙනු ඇත. ඊට ප‍්‍රධානතම හේතුව වන්නේ දෙවැනි සහ තුන්වැනි ස්ථාන වල සිටින කොළඹ සහ සී හෝක්ස් (නාවික හමුදාව) කණ්ඩායම් ඉදිරි තරග වට දෙකේදී එකිනෙකා සමග තරග කිරීමයි. ඇරත් කොළඹ සහ නාවික හමුදා කණ්ඩායම් දෙකටම එරෙහිව විරෝධතා දෙකක්ද ඉදිරිපත් වී තිබෙන බැවින් ඒවා සනාථ වුවහොත් දැනට ලබා සිටින ප‍්‍රසාද ලකුණු අහිමි වනු ඇත.

යම් හෙයකින් ප‍්‍රසාද ලකුණු සමවීමකදී තීරණාත්මක සාධකය වන මූලික වටයේ තරග ප‍්‍රතිඵල අනුව බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම විසින් කොළඹ කණ්ඩායම මෙන්ම නාවික හමුදා කණ්ඩායමත් පරාජය කර තිබේ. ඒ අනුව බ්ලූ ස්ටාර්ස් පිල කුසලානය අසළින්ම සිටී.

තරගාවලියේ 8 වැනි වටයේ තරග ජනවාරි 6,7 සහ 8 වැනි දිනවලදී පැවැත්වේ. 9 වැනි වටයේ තරග ජනවාරි 11, 12 සහ 13 දිනවලදී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය කණ්ඩායම් 10 කින් සමන්විත වන අතර ශූරයන්ට රුපියල් මිලයන 5 ක් (ලක්ෂ 50 ක්) පිරිනැමේ. තරගාවලියේ සම්පූර්ණ ත්‍යාග මුදල රුපියල් මිලියන 10 කි. ශූරයන්ට මිලියන 5 ක් පිරිනැෙමීමෙන් පසුව ඉතිරි මිලියන 5 සෙසු කණ්ඩායම් වල දක්‍ෂතා අනුව බෙදී යනු ඇත.

- 8535

 


අදහස් (0)

බ්ලූ ස්ටාර්ස් කුසලානය අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.