Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ - මාලේ නුවර සිට)
දින 18ක පෙර පුහුණුවීම් කාලයකට සීමාවූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ දස්කම් සෑහීමකට පත්විය හැකි මට්ටමක පවතින බව පිළිගත යුතු දෙයක් බව පුහුණුකරු අමීර් ඇලජික් මහතා ‘මාලේ’ නුවරදී පැවසීය. ‘මාලේ’ නුවර ජාතික පාපන්දු ක්‍රීඩා සංකීර්ණ සමුළු ශාලාවේදී පෙරේදා (6) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ බොස්නියානු ජාතික පුහුණුකරු අමිර් ඇලජික් මහතා මෙසේද පැවසීය.
‘‘මම ශ්‍රී ලංකාවේ සේවය බාර ගත්ත දවසේ ඉදලා ඇඳිරි නීතිය දාලා රට වහලා තිබ්බා. ඒ නිසා මගේ පුහුණු සැලැස්ම නිසි විදියට ක්‍රියාත්මක කරන්න බැරි වුණා. අපේ පුහුණුවීම් ඒ නිසා පිටරටකදී කරන්න වුණා. ඒකත් දින 18කට සීමා කරන්න වුණා.’’
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් ඔහු මෙසේද පැවසීය.
‘‘මම ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ධුරයෙන් ඉවත් වෙන්නේ සතුටකින්. මට ලැබුණු සිමිත දින ගණනේදී මට යමක් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු කරන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා.“
“මම උත්සාහ කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යුරෝපීය පාපන්දු ක්‍රීඩා රටාවට හුරුකරන්නයි. ඒක යම් තරමකට සාර්ථක වූ බවක් ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් ප්‍රතිඵලවලින් පේනවා.“ යයිද අමීර් ඇලජික් මහතා කීවේය.
මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා පැවසුවේ ඉන්දියාව හත් වතාවක් තරාගවලියේ ශූරයන් බව අමතක නොකළ යුතු වුවත් තමන් මෙම තරගයේදී කණ්ඩායම ප්‍රහාරාත්මක තරග රටාවකට යොමු කරමින් ඉන්දියානුවන්ට හොඳ සටනක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.