Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මහසභාව නීතියට පටහැනියි

මහසභාව නීතියට පටහැනියි

editorial - 2022 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව සම්මත කළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා වත්තලදී පැවති එහි විශේෂ මහ සභා රැස්වීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ මේ වන විට ගැටලුවක් පැන නැගී ඇතැයි වාර්තා වේ.

ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ - (2022) පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ලබා දුන් තුන් මසක සහන කාලය අවලංගු කරමින් ක්‍රීඩා ඇමැතිවරයා ලබාදුන් නියෝගය ඒ වනවිට ප්‍රකාශයට පත්ව තිබීම මෙම ගැටලුවයි.

ඒ අනුව පාපන්දු නව ව්‍යවස්ථාව සම්මත කළ වත්තලදී පැවති විශේෂ මහ සභාව කැඳවනවිට පාපන්දු ආයතනයේ එතෙක් ක්‍රියාත්මක වූ විධායක සභාවේ වලංගුභාවය පිළිබඳ එහිදී ගැටලුවක් පැන නැගී තිබෙන බවද වාර්තා වේ.

ඒ පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමක දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා මෙසේ පැවසීය.

‘එහෙම ගැටලුවක් පැන නැගී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරියේදී කටයුතු කරනවා. මේ තත්වය මත පැරණි ව්‍යවස්ථාවට අනුව මීළඟ පාපන්දු නිලවරණය පැවැත්වීම වඩාත් සුදුසුයි’.

පාපන්දු ආයතනයේ වත්තලදී පැවති විශේෂ මහ සභා රැස්වීමේ දී සම්මත වූ එහි නව ව්‍යවස්ථාව ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය හා ලියාපදිංචිය සඳහා මේ වනවිට ක්‍රීඩා අමාත්‍යංශයට යොමු කර තිබේ.


අදහස් (0)

මහසභාව නීතියට පටහැනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.