Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ප්‍රංශය-බ්‍රසීලය-පෘතුගාලය දෙවැනි වටයට
කටාර් - 2022

ප්‍රංශය-බ්‍රසීලය-පෘතුගාලය දෙවැනි වටයට

editorial - 2022 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටාර් ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තරඟ 48 කින් සමන්විත පළමු අදියර (මූලික වටය) නිමාවට පැමිණෙමින් තිබිය දී ඊයේ (29) වන විට ප්‍රංශය, බ්‍රසීලය හා පෘතුගාලය වැඩිම ප්‍රසාද ලකුණු ලබා 16 දෙනාගේ වටයට (දෙවැනි වටයට) නිර්දේශ ලබා ගැනීමට සමත්ව තිබුණි.

ප්‍රංශය ගියවර (2018 – මොස්කව්) ලෝක කුසලාන දිනා ගත් කණ්ඩායමයි. මූලික වටයේ තරඟ අනිද්දා (2) නිමාවට පත්වීමට නියමිතය. තරඟාවලියේ පරාජිතයන් පිටුදැකීම 16 දෙනාගේ වටයේ සිට ආරම්භ වන බැවින් එතැන් සිට තරග ජයග්‍රහණ සෑම කණ්ඩායමකටම තීරණාත්මකය.

කෙසේ වුවත් පළමු වටයේ දී ආසියානු රටවල් ලැබූ ජයග්‍රහණ කැපී පෙණුනත් 16 දෙනාගේ තරඟ වටයට පිවිසීම ඔවුන් බහුතරයකට දුෂ්කරවී තිබේ. එහෙත් අද (30) පැවැත්වෙන තරඟයේ දී ඉරානය එක්සත් ජනපදය පරාජය කිරීමට සමත් වෙතොත් ඔවුන්ට දෙවැනි වටයට පිවිසීමේ අවස්ථාව පැහැදිලිවම හිමිව තිබේ.

මේ අතර වසර 2014 දී ලෝක කුසලාන දිනා ගැනීම ඇතුළුව තරඟාවලියේ ඉතිහාසය පුරා කුසලාන හා අනු කුසලාන දිනා ගැනීමෙන් සුපිරි දක්ෂතා දක්වා ඇති ජර්මනියේ මෙවර ඉදිරි ගමන පළමු තරගයේ දී ජපානයට පරාජයවීමෙන් වඩාත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණි.

දෙවැනි වටයට පිවිසීම් ඔවුන්ට ඉතිරිව තිබූ එකම විකල්පය වූයේ හෙට (1) පැවැත්වෙන ඊ කාණ්ඩයේ අවසන් තරගයේ දී මුණු ගැසෙන කොස්ටාරිකාව. වැඩි ගෝල පරතරයකින් පරාජය කිරීම පමණි. පෘතුගාලය ඊයේ තරගයක දී ගෝල 2-0 කට උරුගුවේ පරාජය කිරීමෙන් දෙවැනි වටයට ප්‍රවේශය ලබා ගත්තේය.

 හෙට (1) පැවැත්වෙන ඊ කාණ්ඩයේ අවසන් තරගයේ දී මුණු ගැසෙන කොස්ටාරිකාව. වැඩි ගෝල පරතරයකින් පරාජය කිරීම පමණි. පෘතුගාලය ඊයේ තරගයක දී ගෝල 2-0 කට උරුගුවේ පරාජය කිරීමෙන් දෙවැනි වටයට ප්‍රවේශය ලබා ගත්තේය.

- 223


අදහස් (0)

ප්‍රංශය-බ්‍රසීලය-පෘතුගාලය දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.