Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සුදුසුකම් ලැබීමේ තරග ඇරඹෙයි

සුදුසුකම් ලැබීමේ තරග ඇරඹෙයි

editorial - 2021 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ (2022) නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 18 වැනිදා දක්වා කටාර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක්වන අවසන් කණ්ඩායම් 32 තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ‍සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල කාණ්ඩ 6 ක් යටතේ ලොව පුරා පැවැත්වේ.

පසුගිය සතියේදී පැවැති සුදුසුකම් තේරීමේ තරග වලින් බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව පහසු ජයග්‍රහණ ලබාගත් අතර බ්‍රසීලයේ පේලේ සතුව තිබූ දකුණු ඇමරිකානු වාර්තාවක් ලයනල් මෙසී විසින් අත්පත් කරගන්නා ලද්දේද ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගයකදීය.

සත්කාරක කටාර් රාජ්‍යය සෘජුවම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන අතර ‍ඊට අමතරව යුරෝපා කළාපයෙන් රටවල් 13 ක්ද, අප්‍රිකානු සහ දකුණු ඇමරිකානු කළාපවලින් රටවල් 5 බැගින්ද, ආසියානු සහ උතුරු ඇමරිකානු කළාපවලින් කණ්ඩායම් 4 බැගින්ද, ශාන්තිකර කළාපයෙන් එක් රටක්ද තරගාවලියට එක්වනු ඇත.

එම කණ්ඩායම් 32 අතරට පැමිණීම සඳහා ‍යුරෝපා කළාපයෙන් රටවල් 55 ක්ද, අප්‍රිකානු කළාපයෙන් රටවල් 40 ක්ද, ආසියානු කළාපයෙන් රටවල් 12 ක්ද, ශාන්තිකර කළාපයෙන් රටවල් 11 ක්ද, උතුරු ඇමරිකානු කළාපයෙන් රටවල් 10 ක්ද, දකුණු ඇමරිකානු කළාපයෙන් රටවල් 8 ක්ද තරග වදිති.

යුරෝපා කළාපයේ රටවල් 55 අතර පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ වටයේ තරග රටවල් 5 බැගින් වූ කාණ්ඩ 5 ක් සහ රටවල් 6 බැගින් වූ කාණ්ඩ 5 යටතේ පැවැත්වේ.

අප්‍රිකානු කළාපයේ රටවල් 40, එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් වූ කාණ්ඩ 10 ක් යටතේ තරග වදිති.

ආසියානු කළාපයේ රටවල් 12, හයදෙනා බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ තරග වදිති.

සෙසු කළාප 3 ම තරග වදින්නේ ලීග් ක්‍රමයට අනුව එක් කාණ්ඩයක් යටතේය.

මෙම තේරීම් තරග ලොව පුරා පැතිර ගොස් ඇති කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කිහිපවරක්ම කල් දැමුණ අතර කළාප 5 ක් මේ වන විට යළිත් තේරීම් තරග පැවැත්වීමට පියවර ගෙන තිබේ.

කෙසේ වුවත් ශාන්තිකර කළාපයේ තේරීම් තරග තවමත් ආරම්භ කර නොමැත. මෙම සියලුම තේරීම් තරග ලබන වසරේ (2022) ජූලි මාසය වන විට පවත්වා අවසන් විය යුතුය.   


පසුගිය සතියේදී පැවැති ලෝක කුසලාන පාපන්දු - සුදුසුකම් තේරීමේ තරග වල ප්‍රතිඵල

උරුගුවේ රාජ්‍යෙය් මොන්ටෙවීඩියෝ නුවරදී උරුගුවේ පිල විසින් ඉක්වදෝරය පරාජය කරන ලදි (1-0)
පැරගුවේ රාජ්‍යෙය් අසුන්සියොන් නුවරදී පැරගුවේ පිල විසින් වෙනිසුවේලා පිල පරාජය කරන ලදි (2-1)
කොලොම්බියාවේ බැරන්ක්විලා නුවරදී කොලොම්බියාව විසින් චිලී රාජ්‍යය පරාජය කරන ලදි (3-1)
ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවරදී ආර්ජන්ටිනාව විසින් බොලිවියාව පරාජය කරන ලදි (3-0)
බ්‍රසීලයේ රෙසිෆි නුවරදී බ්‍රසීලය විසින් පේරු රාජ්‍යය පරාජය කරන ලදි. (2-0)


-036

 


අදහස් (0)

සුදුසුකම් ලැබීමේ තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.