Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මම උසාවි යනවා

මම උසාවි යනවා

editorial - 2023 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමන්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේදී නිදහසට කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදීම බරපතළ ලෙස සිය මානව හිමිකම් කඩ කිරීමක් වන බැවින්, ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පෙරේදා (15) පැවැති නිලවරණයේදී සිය සභාපති අපේක්ෂකත්වය අවලංගු කිරීමට එරෙහිව අධිකරණය හමුවට යන බව එහි හිටපු සභාපති යූ.එල්. ජස්වර් උමාර් මහතා පැවැසීය.

“හිටපු සභාපතිවරු හතර දෙනෙක් සහයෝගය දක්වලත් ශ්‍රී රංගා මහතාට ජය ගන්න පුළුවන් වුණේ වැඩි ඡන්ද දෙකකින් විතරයි. ඒ අය නිලවරණය ජය ගත්තේ ඡන්ද නියෝජිතයන්ට දේශපාලන බලපෑම් කරලයි. ඒකට මුළුමනින්ම වගකිව යුත්තේ ක්‍රීඩා ඇමැතිවරයා. මාව නිලවරණයෙන් පිටමන් කිරීමෙන් හැරෙන්නට ඒ අයට දිනුමක් නැති බව ඒ අය ඉතා පැහැදිලිව දැන සිටියා.” යයි ද හිටපු සභාපති ජස්වර් උමාර් මහතා පැවසීය.

- 223


අදහස් (0)

මම උසාවි යනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.