Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු විධායක සභාවේ ප්‍රධාන ලේකම් ඉල්ලා අස්වෙයි

පාපන්දු විධායක සභාවේ ප්‍රධාන ලේකම් ඉල්ලා අස්වෙයි

editorial - 2023 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විධායක සභාවේ (2022-23) ව්‍යාකූල තත්වයක් ඇති කරමින් එහි ප්‍රධාන ලේකම් ධුරයට තේරී පත්වූ ඉන්දික තේනුවර මහතා එම ධුරයෙන්  ඉල්ලා අස්වී තිබේ.

ඉන්දික තේනුවර මහතා මාතර පාපන්දු ලීගයේ වත්මන් ලේකම්වරයාද වන අතර ජනවාරි 14 වැනිදා පැවැති පාපන්දු ආයතනයේ නිලවරණයේ දී සභාපති ධුරයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්තී ජේ.ශ්‍රී රංගා මහතාට සහය පළ කරමින් එම පාර්ශ්වයෙන් තරග වැදුණු අපේක්ෂකයෙකි.

ඔහුගේ ඉල්ලා අස්වීමට ආසන්තම හේතුව ලෙස පාපන්දු ආයතන ආරංචි මාර්ග සඳහන් කරන්නේ වත්මන් සභාපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඔහුගේ නොසතුට බවද වාර්තා වේ.

ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයේදී ඉන්දික තේනුවර මහතා ඡන්ද 29ක් ලැබීය. ඒ ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද හතක් ලබමිනි.

පැවැති නිලවරණයේ දී පාපන්දු ආයතනයට තේරී පත්වූයේ අසම්පූර්ණ විධායක සභාවකි. එහිදී  උපලේකම් (පරිපාලන) තනතුරට ඉදිරිපත් වූ නාම යෝජනා සියල්ල ප්‍රතික්ෂේප වූ බැවින් එම ධූරය හිස්ව පවතී.

කෙසේ වුවත් උපලේකම් (තාක්ෂණ) ධුරය සඳහා පිළිගත් එකම නාමයෝජනාව ලෙස එහිදී එස්.ආර්.එම්.එම්. අසාඩ් මහතා නිතරගයෙන් පත්විය.

මේ අතර  ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වත්මන් විධායක සභාව පත්ව මේ වනවිට මාස එකහමාරක් වන ආසන්න කාලයක් ගෙවමින් තිබුණත් කිසිදු ක්‍රියාකාරී වැඩසටහනක් මෙතෙක් ආරම්භ නොකිරීම ගැන චෝදනා එල්ල වේ.

උද්ගතවී තිබෙන තත්ත්වය හමුවේ පැවැති නිලවරණයේ දී ශ්‍රී රංගා මහතාට සහයෝගය දැක්වූ පාර්ශවයේ ප්‍රබලයන් ගණනාවක් ඉදිරියේදී රැස්වී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ.

කළුතර පාපන්දු ලීගයේ සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු, පොල්ගහවෙල පාපන්දු ලීගයේ සභාපති අනුර ද සිල්වා, වෙන්නප්පුව පාපන්දු ලීගයේ සභාපති, සුපර්ලීග් ක්‍රීඩා සමාජ සංසදයේ සභාපති  රෝහිත ප්‍රනාන්දු, මීගමුව පාපන්දු ලීගයේ සභාපති රංජිත් රුද්‍රිගු, ගම්පොල පාපන්දු ලීගයේ ලේකම් සුනිල් සෙනවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වනු ඇතැයි වාර්තා වේ.

ඒ අතර පාපන්දු ආයතනයේ වත්මන්   සභාපතිවරයාගේ ක්‍රියාකාලාපය හෙළා දකිමින් කරුණු 35කින් සමන්විත ලිපියක් යොමු කිරීමටද රංජිත් රුද්‍රිගු මහතා ඉකුත්දා පියවර ගෙන තිබුණි. එහෙත් ඊට මෙතෙක් රංගා මහතා ප්‍රතිචාර දක්වා නැතැයි ද වාර්තා වේ.


අදහස් (0)

පාපන්දු විධායක සභාවේ ප්‍රධාන ලේකම් ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.