Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නේපාලය අවසන් මහ තරගයට

නේපාලය අවසන් මහ තරගයට

editorial - 2021 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බංග්ලාදේශය සමග අද (13) පැවැති තරගය ගෝල 1-1ක් ලෙස සම කළ නේපාලය මාලේ නුවරදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු (සාෆ්) ශූරතා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. එහි විශේෂත්වය වන්නේ 1993 දී මෙම තරගාවලිය ආරම්භ කිරීමෙන් පසුව නේපාලය එහි අවසන්  තරගයකට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව වීමයි.

මූලික වටය නිමාවට පත් කරමින්, අද රාත්‍රියේ  පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියාව හා මාලදිවයින අතර තරගයේ ජයග්‍රාහකයා ලබන සෙනසුරාදා (16) පැවැත්වෙන අවසන් තරගයට සුදුසකම් ලබා ගැනීමට නියමිතව තිබුණි. මෙම තරගය සමවූයේ නම් ගියවර කුසලාන දිනා සිටින සත්කාරක මාලදිවයිනට අවසන් මහා තරගයට ප්‍රවේශවීමේ අවස්ථාව හිමිව තිබුණි.

නේපාලය හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරගය දැඩි මතභේදාත්මක ස්වරූපයක් ගත් අතර එහිදී 88 වැනි විනාඩියේදී නේපාලයට දඬුවම් පහරක් හිමිවීමෙන් ලබාගත් ගෝලය නොවන්නට අවසන් තරගයට ප්‍රවේශවීමේ අවස්ථාව බංග්ලාදේශයටද හිමිව තිබුණි. කෙසේ වුවත් බංග්ලාදේශය නව වැනි විනාඩියේදීම ගෝලයක් ලබා ගනිමින් තරගයේ පෙරමුණ ගෙන  සිටියේය.

දෙපිලේ ක්‍රීඩකයන් හය දෙනෙකුට විනිසුරුවරයා  කහ කාඩ්පත පෙන්වා අවවාද කළ අතර බංග්ලාදේශ ක්‍රීඩක ඒ. රහමන් සිකෝ විනිසුරුවරයා විසින් රතුකාඩ් පත පෙන්වා පිටියෙන් පිටමං කරන ලදි.


අදහස් (0)

නේපාලය අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.