Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නිව් යංග්ස් කණ්ඩායම ජයග්‍රහණය ඉල්ලයි
සුපර් ලීග් පාපන්දු

නිව් යංග්ස් කණ්ඩායම ජයග්‍රහණය ඉල්ලයි

editorial - 2021 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ඉතිරි තරග වටය ලබන ඉරිදා (5) ආරම්භවීමට පෙර සිය විරෝධතාවයට විසඳුමක් ලබා නොදෙන්නේ මේ තරග වර්ජනය කරන බව වෙන්නප්පුව නිව් යංග්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට දැනුම් දී තිබේ.

තරගාවලිය ආරම්භ කරමින් පසුගිය අප්‍රේල් 19 වැනිදා පැවති නිව් යංග්ස් කණ්ඩායමට හා කොළඹ කණ්ඩායම අතර තරගයේ ජයග්‍රහණය තමන්ට පිරිනැමිය යුතු බව උක්ත විරෝධතාවයෙන් නිව් යංග්ස් ක්‍රීඩා සමාජය අවධාරණය කර තිබුණි.

මෙම තරගයේදී කොළඹ ක්‍රීඩා සමාජය ගෝල 4-0 කට ජය ගත්තේය.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහෝසි කළ ක්‍රීඩකයෙකු කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස  ක්‍රීඩා කිරීමෙන් තරගාවලියේ නීති කඩ වුණු බවට වෙන්නප්පුව නිව් යංග්ස් ක්‍රීඩා සමාජය විරෝධතාවයක් ගොනු කරමින් කියා සිටියේය.
නිව් යංග්ස් ක්‍රීඩා සමාජයේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා සුපර් ලීග් ක්‍රීඩා සමාජ අයිතිවාසිකම් කමිටුවේ කැඳවුම්කරු ද වේ.

ඔහු මෙම විරෝධතාවය සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන වත්මන් තත්ත්වය මෙසේ පැහැදිලි කළේය.

“තරගාවලියේ නීති සංග්‍රහයට අනුව මෙවැනි විරෝධතාවයක් බාරදීමෙන් පැය 48 ක් ඇතුළත එය විභාගයට ගෙන තීරණය ලබාදිය යුතුයි. ඒ අනුව දැනටමත් එය උල්ලංඝණය වෙලා අවසන්. “

“රජයේ ආගමන හා විගමන පාලකවරයාගෙන් අපේ විරෝධතාවය සනාථ කරන ලියකියවිලි ඉදිරිපත් කරලත් පාපන්දු සම්මේලනය මේ ගැන මේ මොහොත වන විටත් විසඳුමක් ලබාදීලා නෑ.... ඒ නිසා චෝදනා ලබා සිටින කොළඹ ක්‍රීඩා සමාජය හැරෙන්නට ක්‍රීඩා සමාජ එකමුතුවේ සිටින සෙසු සියළු කණ්ඩායම් ලබන ඉරිදා තරගාවලියේ ඉතිරි තරග ඇරඹෙන්න කලින් මෙම විරෝධතාවයට විසඳුමක් ලබාදිය යුතුයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමක දී ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර විරෝධතාවය විභාග කර තීන්දුවක් ලබා දෙන බවයි.  එය ඉරිදාට පෙර කළ හැකි දැයි තමාට නිශ්චිතව කිව නොහැකි බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවත් සුපර් ලීග් පාපන්දු තරගාවලිය පැවැත්වීමට නියමිත ඉතිරි තරග 30 න් 11ක් ලබන ඉරිදා සිට දෙසැම්බර් 12 වනිදා දක්වා කොළඹ සුගතදාස පිටිය, රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණපිටිය සහ මාළිගාවත්ත නාගරික පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  එම සියලු ක්‍රීඩාංගණවල දී පස්වරු 3.30 ට සහ රාත්‍රී 7.30 ට තරග දෙක බැගින් පැවැත්වේ. දෙසැම්බර් 5 වෙනිදා කොළඹ ක්‍රීඩා සමාජ පිල හා දර්ගා නගර රෙඩ් ස්ටාර් පිල අතර තරගය පමණක් රීඩ් මාවත පිටියේ දී පැවැත්වේ.

 තරගාවලියේ අත්හිටුවා තිබූ තරගයක් ඊයේ (29) රීඩ් මාවත පිටියේ දී පැවැත්වුණි. එහිදී නාවලපිටිය අප්කන්ට්‍රි කණ්ඩායම විසින් යුදහමුදා (ඩිෆෙන්ඩර්ස්) කණ්ඩායම ගෝල 2-0 පරාජය කරන ලදී.

තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට හිමි වූ එක් ගෝලයක් පරාජිත කණ්ඩායමේ අත්වැරදීමකින්  ප්‍රතිවාදීන්ට ලබාදුන්  ගෝලයක් විය.

මෙම තරගය කලින් පැවැත්වීමට සූදානම් කර තිබිය දී ක්‍රීඩාංගණයේ දී  කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පසුව දෙපිලේ ක්‍රීඩකයන් අතරින් පිරිසක් කොවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වීම නිසා අවසන් මොහොතේ එම තරගය අත්හිටුවනු ලැබීය.


අදහස් (0)

නිව් යංග්ස් කණ්ඩායම ජයග්‍රහණය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.