Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නායක සුජාන්ට තහනමක්

නායක සුජාන්ට තහනමක්

editorial - 2022 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

‘නමන්ගාන් ’නුවර දී පෙරේදා (11) පැවති ආසියානු කුසලාන පාපන්දු (2023) සුදුසුකම් ලබා ගැනීමේ තෙවැනි වටයේ තරගයක දී ශ්‍රී ලංකාව තායිලන්තය හමුවේ ගෝල 2-0ක පරාජයක් ලැබීය. මෙම තරගයේ සුවිශේෂී සිදුවීම වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා විනිසුරු වෙතනින් දැඩි අවවාද ලබන කහ කාඩ් පත ලැබීමෙන් හෙට (14) මෙම තරග වටයේ මාලදිවයිනට එරෙහිව පැවැත්වෙන තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමි කර ගැනීමයි.

පසුගිය බදාදා (8) උස්බෙකිස්ථානයට එරෙහිව පැවැති තරගයේදිත් විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කාඩ් පත ලද නායක සුජාන් පෙරේරා පිට පිටම තරග දෙකක දී දැඩි අවවාද ලබන කහකාඩ් පත ලැබීමෙන් මෙලෙස හෙට තරගය අහිමි කර ගත්තේය.

ජාත්‍යන්තර පාපන්දු තරග නීති රීති මාලාවට අනුව එසේ තරග දෙකක දී පිට පිටම දැඩි අවවාද අඟවන කහ කාඩ් පත ලබන ක්‍රීඩකයෙකු ඊළඟ තරගයෙන් පිටමං කළ රතු කාඩ් පත ලැබූවෙකු ලෙස සැලකේ. ඒ අනුව හෙට තරගයේ දී ශ්‍රී ලංකාවේ නිත්‍ය දැල් රකින්නා වෙනුවට කවිෂ් ප්‍රනාන්දු ආදේශ කිරීමට නියමිතය.

ඒ අතරම හෙට තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කීපදෙනා අතරින් කෙනකු පත්කරනු ඇතැයි ද වාර්තාවේ. ආරක්ෂක පෙළ ක්‍රීඩක චලන චමීර, මැද පෙළ ක්‍රීඩක අසිකූර් රහුමාන් ඒ අතරින් ඉදිරියෙන් සිටින්නෝ වෙති.

 34 වැනි විනාඩියේ දී රැස් කළ පළමු ගෝලයෙන් තායිලන්ත ක්‍රීඩකයෝ තරගයේ පෙරමුණට පැමිණියහ. තරගයේ නියමිත කාලය අවසන්වීමෙන් පසුව පිරිනැමුණු අතිරේක විනාඩි පහක් වන කාලය තුළදී තායිලන්ත කණ්ඩායමට දෙවැනි ගෝලය වාර්තා කර දුන්නේ එම අතිරේක කාලය ආවරණය කිරීම සඳහා පිටියට ප්‍රවේශ වූ ආදේශ ක්‍රීඩකයෙකු වන චවාට් වීරාචාට් විසිනි.
 මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් අවස්ථා දෙකක් ද (2) හා තායිලන්ත ක්‍රීඩකයන්ගේ ආදේශ කිරීමේ අවස්ථා හතරක් ද යොදා ගත්හ.

මේ දක්වා ජාත්‍යන්තර පාපන්දු තරග සඳහා දෙරට මුණ ගැසුණු කිසිදු අවස්ථාවක දී ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්වී නැත. ඊයේ පැවැති මෙම තරග වටයේ මාලදිවයිනව හා උස්බෙකිස්ථානය අතර තරගය ගෝල 4-0කින් ජය ගැනීමට උස්බෙකිස්ථානය සමත් විය.

ඒ අනුව තායිලන්තය හා උස්බෙකිස්ථානය මෙතෙක් පැවැති තරග දෙක බැගින් ප්‍රතිවාදීන්ට එරෙහිව ජය ගනිමින් මෙම තරග වටයේ ප්‍රසාද ලකුණු සටහනේ සම තත්ත්වයේ පසුවන්නේ ලකුණු හය බැගින් ලබමිනි.

හෙට මාලදිවයින සමග පැවැත්වෙන තරගය අවම ජය පරාජයෙන් තොරව හෝ අවසන් කිරීමේ අභියෝගය ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් මහතාට යොමුවී තිබේ.


අදහස් (0)

නායක සුජාන්ට තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.