Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කෝපා තරගාවලියට තවත් බාධකයක්

කෝපා තරගාවලියට තවත් බාධකයක්

editorial - 2021 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තවත් දින තුනකින් ආරම්භ වීමට නියමිත දකුණු ඇමරිකානු (කෝපා ඇමරිකා) පාපන්දු ශූරතාවලියට සැබවින්ම සත්කාරකත්වය දැරිය හැකිද නැද්ද යන්න තීරණය කිරීමට බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්විය. මෙම තත්ත්වය අතිශය ජනප්‍රියත්වයක් හිමි දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියට එල්ල වූ අලුත්ම තර්ජනයයි. 

බ්‍රසීලයේ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ. කෙසේ වෙතත් විනිසුරුවරුන් 11 දෙනකුගෙන් සමන්විත බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් තීරණයක් දීමට නියමිතය. තරගාවලිය පවත්වන ලෙස විනිසුරුවරුන් තීරණය කළද එය අතිරේක ආරක්‍ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් පැවැත්විය යුතු බවට නියෝග කෙරෙනු ඇත. 

විපක්ෂයේ තර්කය වූයේ මේ වන විටත් බ්‍රසීලය වෙළාගෙන තිබෙන කොවිඩ්-19 වසංගතය තිබියදී දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියට සත්කාරකත්වය දැක්වීම තවත් කොවිඩ් පොකුරක් නිර්මාණය කිරීමක් බවයි. එය පිළිගත නොහැකි අවදානමකට මුහුණ දීමක් ලෙසද ඔව්හු හැඳින්වූහ. 

පසුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කොවිඩ්-19 වසංගතය නිසා මෙම වසරට කල් දමන ලදි. ලෝකයේ පැරණිතම අන්තර්ජාතික පාපන්දු තරගාවලිය මෙයයි. 

මෙම තරගාවලිය සංවිධානය කිරීමට සූදානමින් සිටියේ ආර්ජන්ටිනාව සහ කොලොම්බියාවයි. එහෙත් අවසන් මොහොතේදී එම රටවල් දෙකම සත්කාරකත්වයෙන් ඉවත් විම නිසා රටවල් 10 ක් සහභාගි වන තරගාවලිය සංචිධානය කිරීමට බ්‍රසීලය ඊට උර දුන්නේය. 

කොවිඩ්-19 වයිරසය හේතුවෙන් මියගිය බ්‍රසීල ජාතිකයන්ගේ සංඛ්‍යාව 480,000 කි. එය දෙවැනි වන්නේ ඇමරිකාවේදී කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාවට පමණි. 

තරගාවලිය පැවැත්වෙන්නේ නම් එහි පළමු තරග දෙකම ඉරිදා (13 වැනිදා) පැවැත්විය යුතුය. පළමු තරගය බ්‍රසීලය සහ වෙනිසුවේලාව අතර පැවැත්වේ. දෙවැන්න කොලොම්බියාව සහ ඉක්වදෝරය අතර පැවැත්වේ. 

- 213

 


අදහස් (0)

කෝපා තරගාවලියට තවත් බාධකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.