Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නේමාර්ගෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයාට ගුටි

නේමාර්ගෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයාට ගුටි

editorial - 2020 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ප්‍රංශ පාපන්දු ක්‍රීඩාවේ ‘ඉරිදා ලීග්‘ තරගාවලියේ දෙවැනි සතියේදී  පැරිස් ශාන්ත ජර්මේන් පිලට එරෙහිව පැවැති තරගයේදී ගෝල 1-0 ක ජයක් ලබාගැනීමට මාර්සේල් ක්‍රීඩකයෝ සමත් වූහ. එහෙත් තරගය නිමා වූයේ මාර්සේල් පිලේ ජයග්‍රහණය සැමරීමට ඉඩ නොතබා ක්‍රීඩකයන් අතර ඇතිවූ කෝලාහලයකිනි.

ක්‍රීඩකයන් අතර පැවැති මෙම කලහටට මැදිවූ බ්‍රසීල ක්‍රීඩක නේමාර් කියා සිටියේ තමන්ට "වඳුරා" යයි කී නිසා තමන් ප්‍රතිවාදී ක්‍රීඩක ඇල්වීරෝ ගොන්සාලෙස්ට පහර දුන් බවයි.

"බලන්න තියෙන ජාතිවාදී කම... ඒ නිසා මම ඌට ගැහැව්වා" යැයි පිටියෙන් පිටතට යමින් සිටි නේමාර් පැවසීය. එහෙත් සිද්ධියෙන් පසුව ඇල්වීරෝ ගොන්සාල්වේස් කියා සිටියේ තමන් වර්ගවාදී ප්‍රකාශයක් නොකළ බවයි.

"මට තියෙන එකම කණගාටුව ඒ තක්කඩියාගේ මූණටම දෙකක් අනින්න බැරිවීමයි" යයි නේමාර් තරගයෙන් පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. බ්‍රසීල පාපන්දු තරුව වන නේමාර් මේ වන විට ලෝකයේ මිල අධිකතම ක්‍රීඩකයා ලෙසින් සැලකේ. ප්‍රංශයේ පැරිස් ශාන්ත ජර්මේන් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන නේමාර් පසුගිය සතියේදී ජර්මනියේ සුප්‍රකට ක්‍රීඩා ඇඟළුම් නිෂ්පාදන සමාගමක් වන පූමා සමාගම සමග ගිවිසුමකට එළැඹියේය.

මාර්සේල්ස් පිලට එරෙහි තරගයේදී ඇතිවූ කලහයෙන් පසුව නේමාර් රතු කාඩ්පතින් පිටියෙන් පිටමං කරන ලදි. අනතුරුව පී.එස්.ජී පිලේ ලැවින් කුර්සාවා සහ ලියනාර්ඩෝ පරේදේස් දෙදෙනාද පිටියෙන් පිටමං කරන ලදි. කලහයට මැදිවූ මාර්සේල් පිලේ දාරියෝ බෙනේදේතෝ සහ ජෝර්දාන් අමාවි දෙදෙනාද පිටියෙන් පිටමං කරන ලදහ.

වසර 2011 සිටම මාර්සේල් සහ පී.එස්.ජී. කණ්ඩායම් සැලකෙන්නේ දැඩි පසමිතුරන් ලෙසිනි. පී.එස්.ජී. කණ්ඩායමට එරෙහිව තරග 20 කට පසුව මාර්සේල් පිල ලබාගත් ජය සැමරීමේ අවස්ථාව වැසී ගියේ තරගයෙන් පසුව ඇතිවූ අවලස්සන සිදුවීම් වැලකිනි.

"එය ජාතිවාදී අපහාසයක් යැයි නේමාර් මට කිව්වා. නමුත් පිටියේදී ඒ කිසිවක් මට ඇසුණේ නෑ" යැයි පීඑස්ජී පුහුණුකරු තෝමස් ටුචෙල් පැවසීය.

"පාපන්දු ක්‍රීඩාවේ ජාතිවාදයට තැනක් නෑ. ඒ නිසා මේක ජාතිවාදී ප්‍රශ්නයක් යයි මා හිතන්නේ නෑ" යයි මාර්සේල් පුහුණුකරු ඇන්ඩ්‍රේ විලාස්-බෝවස්  පැවසීය.

කෙසේ වෙතත් මෙම තරගයේදී දෙපිලේම ක්‍රීඩකයන් ක්‍රීඩා කළේ මහත් හිතුවක්කාර ලෙසිනි. ඇතැම් විට කණ්ඩායම් දෙක අතර කලක පටන් පවතින දැඩි එදිරිවාදීකම ඊට හේතුවක් වන්නට ඇත. මෙම තරගයේදී ක්‍රීඩකයන් 5 දෙනකු පිටියෙන් පිටමං කරන ලද අතර තවත් 14 දෙනෙක් දැඩි අවවාද ලැබූහ.

"කහ කාඩ්පත් 14 ක් සහ රතු කාඩ් 5 ක් කියන්නේ තරගය පාලනයෙන් තොර වූ බවයි” ලියනාර්ඩෝ පැවසීය.

පසුගිය මාසයේ පැවති චැම්පියන්ස් ලීග් අවසන් මහ තරගයේදී බයර්න් මියුනිච් පිල හමුවේ පරාජය වූ පීඑස්ජී කණ්ඩායම 1978 න් පසු ප්‍රථම වතාවට ලකුණු නොලබාම තරගවාරයක ආරම්භක තරඟ දෙක පරාජය වී තිබේ. එය ඇදහිය නොහැකි තරමේ පසුබෑමකි.

- 213

 


අදහස් (0)

නේමාර්ගෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයාට ගුටි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.