Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව FIFA WC 2022 මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයට
කටාර් - 2022

මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2022 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(සැකසුම - දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු වැනි අරාබි ජාතික කණ්ඩායම වශයෙන් ඉතිහාසයට එක්වූ මොරොක්කෝව, දඬුවම් පහර 3-0 ක ජයක් ලබාගනිමින් ස්පාඤ්ඤය තරගාවලියෙන් ඉවතට තල්ලු කර දැම්මේය.

මොරොක්කෝ පාපන්දු ලෝලීන් මෙම ජයග්‍රහණය සැමරුවේ කටාරයේ දෝහා නුවර වීදිවලට පිවිස ඔල්වරසන් දෙමිනි.

සෞදි අරාබියානු, කටාර් මෙන්ම ඊජිප්තු ජාතිකයෝත් මෙම ජයග්‍රහණ සැමරීමට එක්ව සිටියහ. ඔවුනොවුන් තම තමන්ගේ රටවල කොඩි වනමින්, එය මොරොක්කෝවේ පමණක් නොව, සමස්ත අරාබියේම ජයග්‍රහණයක් ලෙසින් සතුට සැමරූහ.

“අර්ධ අවසන් පූර්ව වටය දක්වා ආවේ මොන කණ්ඩායමද කියන එක අපට ප්‍රශ්නයක් නෙමේ. ඒත් එතන අරාබි කණ්ඩායමක් ඉන්නවා නම්, ඒ ගැන අපට ආඩම්බරයි” යයි ඊජිප්තුවේ සිට පැමිණි අයෙක් පැවසීය.

මීට පෙර පැවැති ලෝක කුසලාන තරග වලදී ආරාබි කණ්ඩායමකට යා හැකිවූයේ 16 දෙනාගේ වටය දක්වා පමණි. 1986 දී මොරොක්කෝව, 1994 දී සෞදි අරාබිය සහ 2014 දී ඇල්ජීරියාව පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 16 දෙනාගේ වටය දක්වා පැමිණියද ඉන් ඔබ්බට යා නොහැකි විය.

තරගයේ නියමිත කාලය නිමාවේදී මෙන්ම අතිරේක කාලය නිමාවේදීත් දෙපිලටම ගෝල ලබාගත නොහැකි විය. එබැවින් දඬුවම් පහර වලින් තරගයේ ජයග්‍රාහකයන් තීරණය කරන ලදි.

අබ්දෙල්හමීඩ් සබ්රි, හකීම් සියෙච්, අශ්රෆ් හකීම් තිදෙනා මොරොක්කෝව වෙනුවෙන් ගෝල ලබාගත්හ.


- 213

 


අදහස් (0)

මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.