Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නව ලෝක වාර්තාවක් පිහිටුවමින්, පැරලිම්පික් උළෙලකදී රන් පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා වූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට ද්විත්ව උසස්වීමක් පිරිනැමීමට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කරන දිනේෂ් ප්‍රියන්ත හේරත් බලලත් නිලධාරී තනතුරට උසස් කර තිබේ.
කාගම ධාතුසේන මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන දිනේෂ් ප්‍රියන්ත යුද හමුදාවේ 3 වන ගජබා පාබල රෙජිමේන්තුවේ සේවයේ සිටියදී, 2008 කිලිනොච්චි මෙහෙයුමේදී අතට වෙඩි වැදීණ. වසර 4 ක කාලයක් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගත් නමුත් හමුදා සේවය අත් නොහළ මෙම ධෛර්ය සම්පන්න ක්‍රීඩකයා පැරා ක්‍රීඩා ඉසව් වෙත යොමු විය. ඔහුගේ ප්‍රියතම තේරීම වූයේ හෙල්ල විසිකිරීමයි.
ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී එෆ් 46 කාණ්ඩයෙන් (වැළමිටෙන් ඉහළ හෝ පහළ අප්‍රාණික) තරග කළ හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත අද (30 වැනිදා) පෙරවරුවේදී මීටර 67.67 ක දුරක් හෙල්ල විසිකරමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයට එක්විය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පැරලිම්පික් කණ්ඩායමේ නායකයා වූයේද ප්‍රියන්තය.
2016 රියෝ පැරලිම්පික් උළෙලේදීත් ලෝකඩ පදක්කමක හිමිකරුවා වන දිනේෂ් ප්‍රියන්ත, 2017 ලන්ඩන්හිදී පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදීත් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය. පසුව ඔහු 2018 දී ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැති ආසියානු පැර ක්‍රීඩා උළෙලේදීත් රන් පදක්කමක් දිනාගත් අතර 2019 දී ඩුබායිහිදී පැවැති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදීත් රිදී පදක්කමක් දිනාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ හිටපු ජාතික ශූරයකු වන ප්‍රදීප් නිශාන්ත දිනේෂ් ප්‍රියන්තගේ මෙන්ම පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයන් තිදෙනාගේම පුහුණුකරුවාය.
“ටෝකියෝ පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී මගේ රට නියෝජනය කරන්නට ලැබීමත්, එවන් ජයග්‍රහණයක් ගෙන එන්නට ලැබීමත් මට අති විශාල ගෞරවයක්. ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාත් ඇතුළුව, ඒ වෙනුවෙන් මට සහාය වූ සියලුම දෙනාටත්, විශේෂයෙන්ම වසර 2020 සිටම මටත්, මගේ කණ්ඩායමටත් විශාල වශයෙන් උපකාර කළ අනුග්‍රාහක ඩයලොග් ආසියාටා සමාගමටත් මේ වෙනුවෙන් ස්තුති කිරීමට මා කැමතියි” යයි දිනේෂ් ප්‍රියන්ත සිය ජයග්රහණයෙන් පසුව පැවසීය.
ඔලිම්පික් හෝ පැරලිම්පික් ක්‍රීඩා උළෙලකදී දිනාගන්නා ලෝකඩ හෝ රීදී පදක්කමක් සහ රන් පදක්කමක වෙනස වන්නේ පදක්කම් පැළඳවීමේ අවස්ථාවේදී පිටිය සිසාරා ඇසෙන්නේ රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවගේ රටේ ජාතික ගීය වීමයි.
“මෙය ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්රයේ සුවිශේෂී මොහොතක්. දිනේෂ් පදක්කම පැළඳගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය ක්‍රීඩාංගණය පුරා දෝංකාර දුන්නා. ඔහුගේ දස්කම සම්බන්ධයෙන් අපි ඉතාමත් ආඩම්බර වෙනවා. ඒ වෙනුවෙන් පහසුකම් සැපයූ ජාතික පැරලිම්පික් කමිටුවටත්, දශක දෙකක් පුරා පැරා ක්‍රීඩාවට අනුග්රාහකයන් වූ ඩයලොග් ආසියාටා සමාගමටත් මා ස්තුතිවන්ත වෙනවා” යයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.