Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features කෙළිබිමේ ලොකුම ධනවතා මෙසී

කෙළිබිමේ ලොකුම ධනවතා මෙසී

editorial - 2022 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
ලොව ප්‍රසිද්ධ ඇමරිකානු සඟරාවක් වන ෆෝබ්ස් සඟරාවට අනුව ගෙවී ගිය වසරේදී ලොව ඉහළම ආදයමක් උපයා ඇති ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ආන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සමත්ව ඇත. ඔහු එම ලැයිස්තුවේ පෙරමුණට පැමිණ ඇත්තේ පැසිපන්දු ක්‍රීඩක ලෙබ්‍රෝන් ජේම්ස් සහ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අභිබවා යමිනි. 

ප්‍රංශයේ පැරිස් නුවර ශාන්ත ජර්මේන් පාපන්දු සමාජයට ක්‍රීඩා කරන 34 හැවිරිදි මෙසී, මැයි මස 1 වැනිදායින් අවසන් වූ වසර තුළදී උපයා ඇති මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 130 කි. ඊට ක්‍රීඩාව තුළින් ඉපයූ ඩොලර් මිලියන 75 ක් සහ ක්‍රීඩාවට පරිබාහිරින් ඉපයූ ඩොලර් මිලියන 55 ක් ඇතුළත් වේ. 

ලොස් ඇන්ජලීස් ලේකර්ස් පැසිපන්දු සමාජයට ක්‍රීඩා කරන ඇමරිකානු ක්‍රීඩක ලෙබ්‍රෝන් ජේම්ස් එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ගෙවී ගිය වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 121.2 ක් උපයමිනි. ඔහුගේ ඉපයීමෙන් ඩොලර් මිලියන 80 ක්ම ක්‍රීඩාවට පරිබාහිරින් කළ ඉපයීම් වන අතර ඔහු ක්‍රීඩාව තුළින් උපයා ඇත්තේ ඩොලර් මිලියන 41.2 ක් පමණි. 

එංගලන්තයේ මැචෙස්ටර් යුනයිටඩ් පාපන්දු ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ගෙවී ගිය වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 115 ක් උපයමින් වැඩිම ආදායම් ලාභීන් අතර තෙවැනි ස්ථානයට පත්ව සිටියි. ක්‍රීඩාව තුළින් ඩොලර් මිලියන 60 ක් සහ ක්‍රීඩාවට පරිබාහිරව ඩොලර් මිලියන 55 ක් සමගින් ඔහු එම මුදල උපයා ඇත.
 
බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නේමාර් ද සිල්වා (ඇමරිකානු ඩොලර් මිලියන 95) සහ ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩක ස්ටීවන් කරී (ඇමරිකානු ඩොලර් මිලියන 92.8) පිළිවෙලින් ලොව ඉහළම ආදයමක් උපයා ඇති ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ සිවුවැනි සහ පස්වැනි ස්ථානවල රැදී සිටිති. 

මෙම ලැයිස්තුවේ 7 වැනි ස්ථානයේ පසුවන ස්විට්සර්ලන්ත ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් ගෙවී ගිය වසර තුළ උපයා ඇති මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 90.7 කි. එහි විශේෂත්වය වන්නේ එම මුදලින් ඩොලර් මිලියන 90 ක්ම ඔහු උපයා ඇත්තේ ක්‍රීඩාවට පරිබාහිරින් වීමය. ක්‍රීඩාව තුළින් ඔහු උපයා ඇත්තේ ඩොලර් මිලියන 0.7 ක් පමණි. 

තමා ඉපයූ මුළු මුදලෙන් අඩුම ප්‍රතිශයක් ක්‍රීඩාවට පරිබාහිරින් උපයා ඇත්තේ ලැයිස්තුවේ 8 වැනි ස්ථානයේ රැදී සිටින මෙක්සිකානු බොක්සිං ක්‍රීඩක කැනෙලෝ අල්වාරෙස්ය. ගෙවී ගිය වසර තුළ ඉපයූ ඇමරිකානු ඩොලර් මිලියන 90 න් 85 ක්ම ඔහු උපයා ඇත්තේ ක්‍රීඩාව තුළිනි. ක්‍රීඩාවට පරිබාහිරින් ඔහු උපයා ඇති මුදල ඩොලර් මිලියන 5 කි.
 
ෆොබ්ස් සඟරාව සඳහන් කරන පරිදි මෙම ක්‍රීඩකයන් ක්‍රීඩාව තුළින් උපයා ඇති මුදල් ලෙස සැලකෙන්නේ ඔවුන්ගේ වැටුප්, ත්‍යාග මුදල් සහ ප්‍රසාද දීමනාය. අනුග්‍රහයන්, වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීම්, ආයෝජන සහ නීත්‍යානුකූල වෙනත් ආදායම් සැලකෙන්නේ ක්‍රීඩාවට පරිබාහිරින් ඔවුන්ට ලැබෙන ආදායම් ලෙසිනි. 

-036


අදහස් (0)

කෙළිබිමේ ලොකුම ධනවතා මෙසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.