Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic සීමිත ඕවර තරගාවලිය දියාරු වෙයි

සීමිත ඕවර තරගාවලිය දියාරු වෙයි

editorial - 2021 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් සමාජ සීමිත  ඕවර (ඕවර 50) ක‍්‍රිකට් තරගාවලියේ මූලික අදියර අවසන් වීමට තවත් දින 8 ක් ඉතිරිව ඇති නමුත් පැවැත් වූ තරග 93 කින් තරග 56 ක්ම වර්ෂාවට සේදී ගියේය. ඉන් තරග 45 කදී එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ අතර තවත් තරග 11 ක් තීරණයක් නොලබාම අවසන් කිරීමට සිදුවිය.

මූලික වටයේ තරග 156 ක්, අවසන් පූර්ව වටයේ තරග 2 ක් සහ අවසන් තරගය සමගින් තරග 159 ක් සමස්ත තරගාවලියට අයත් වන අතර ඉතිරි දින 8 තුලදී තවත් තරග 66 ක් පවත්වා අවසන් කළ යුතුව ඇත. වර්ෂාව හේතුවෙන් නියමිත කාලසටහනට අයත් තරග පැවැත්විය නොහැකි බැවින් තරග පැවැත්වෙන දින වෙනස් කර ගැනීමට ඒ ඒ කණ්ඩායම්හි කණ්ඩායම් කළමණාකාරීත්වය කටයුතු කරනු ලැබේ.

කෙසේ වෙතත් 24 වැනිදා වනවිට මූලික වටයේ තරග අවසන් කළ යුතු බැවින් සමහර කණ්ඩායම් වලට පිට පිට දින කිහිපයක් තරගවලට සහභාගිවීමට සිදුවනු ඇත. තරගාවලියේ අවසන් පූර්ව තරග 26 වැනිදාත් අවසන් මහ තරගය 28 වැනිදාටත් යොදා ඇත්තේ ලබන මස 5 වැනිදා ආරම්භ කිරීමට නියමිත එල්.පී.එල්. තරගාවලියට පොරතුව මෙම තරගාවලිය අවසන් කළ යුතු බැවිනි.

දැනට පවත්වා ඇති තරග 93 අතරින් තරග 10 ක් පමණක් නියමිත වේලාවට ආරම්භ කර සම්පූර්ණ  ඕවර සංඛ්‍යාව ක‍්‍රීඩා කර ඇත. තවත් තරග 11 කදී  ඕවර සංඛ්‍යාව අඩුකර ආරම්භ කළද එම තරග තීරණයකින් අවසන් කර තිබේ. තවත් තරග 15 කදී ඩක්වත් ලූවිස් න්‍යායට අනුව තරගයේ තීරණය ලබාගෙන ඇත.  ඕවර සංඛ්‍යාව අඩුකර ආරම්භ කළ එක් තරගයක් ලකුණු සමවීමෙන්ද අවසන්ව ඇත.

කෙසේ වෙතත් මේ වනවිට අවසන් කළ තරගවල ප‍්‍රතිඵල අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට යුද හමුදා කණ්ඩායමත්, ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ද්‍රවිඩ සංගමයත් සමත්ව සිටිති.

තරග 8 කට සහභාගිවී ඇති යුද හමුදා කණ්ඩායම තරග 4 ක් ජයගනිමින් ප‍්‍රසාද ලකුණු 15 කට හිමිකම් කියනු ලැබේ. එක් තරගයක් පමණක් පරාජයට පත්ව ඇති අතර වර්ෂාව හේතුවෙන් තරග 3 ක් විසඳුමකින් තොරව අවසන් විය. ඔවුන්ට අතිරේක ප‍්‍රසාද ලකුණු 4 ක් ද හිමිවේ.

‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව ඇති කුරුණෑගල යොවුන් කණ්ඩායම තරග 8 කට සහභාගිවී ඉන් තරග 3 ක් ජයගනිමින් ප‍්‍රසාද ලකුණු 12 ක් ලබාගෙන ඇත. එක් තරගයක් පරාජයට පත්වී ඇති අතර වර්ෂාව හේතුවෙන් තරග 4 ක් විසඳුමකින් තොරව අවසන් විය. ඔවුන්ට අතිරේක ප‍්‍රසාද ලකුණු 2 ක් ද හිමිවේ.

ද්‍රවිඩ සංගම් පිල ප‍්‍රසාද ලකුණු 13  ක් ලබාගනිමින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත. තරග 8 කට සහභාගිවී ඇති ඔවුන් ඉන් තරග 4 ක් ජයගෙන ඇති අතර වර්ෂාව හේතුවෙන් තරග 4 ක් විසඳුමකින් තොරව අවසන්වී ඇත. ද්‍රවිඩ සංගම් පිලට අතිරේක ප‍්‍රසාද ලකුණක් ද හිමිවේ.

පානදුර, රාගම සහ බදුරලිය යන කණ්ඩායම් සම ප‍්‍රසාද (9) ලකුණු ලබාගෙන ඇති නමුත් ශූද්ධ ලකුණු වේගය මත ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය ගැනීමට පානදුර ක‍්‍රීඩා සමාජය සමත්ව ඇත. තරග 8 කට සහභාගිවී එක් තරගයක් පමණක් ජයගෙන ඇති පානදුර ක‍්‍රීඩා සමාජය එක් තරගයක් පරාජයට පත්වී ඇත. වර්ෂාව හේතුවෙන් තරග 6 ක් විසඳුමකින් තොරව අවසන්වී ඇති අතර ඔවුන්ට එක් අතිරේක ප‍්‍රසාද ලකුණක්ද හිමිවේ.


අදහස් (0)

සීමිත ඕවර තරගාවලිය දියාරු වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.