Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic ඇඹුල්දෙණිය කොළඹ අඹරවයි
2023 ජාතික සුපිරි ලීගය

ඇඹුල්දෙණිය කොළඹ අඹරවයි

editorial - 2023 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඕෂධ ප්‍රනාන්දුගේ (201) ද්විත්ව ශතකයත්, සඳුන් වීරක්කොඩි (144) සහ අහන් වික්‍රමසිංහ (107) දෙදෙනාගේ ශතක දෙකත් හේතුවෙන් මුල් ඉනිමේදී කඩුලු 9 කට ලකුණු 567 ක් ලබාගත් මහනුවර ක්‍රීඩකයෝ ජාතික සුපිරි ලීග් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 279 කින් පරාජය කළහ. එස්.එස්.සී. පිටියේදී පැවති මෙම තරගයේදී කොළඹ කණ්ඩායම ලකුණු 214 කට සහ 72 කට දැවී ගියහ.

කොළඹ පිලේ දෙවැනි ඉනිම ඕවර 24.4 කට සීමා විය. දින 4 කින් යුතු තරගය එහි තුන්වැනි දිනය වූ සෙනසුරාදා නිමාවට පත්විය.

වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය, නවසීලන්ත ටෙස්ට් සංචාරය පෙනෙන මානයේ තිබියදී, ඉනිම දෙකේදීම ලකුණු 86 කට කඩුලු 10 ක් දවාගත්තේය.


කොළඹ - පළමු ඉනිම 214 යි
මහනුවර - පළමු ඉනිම කඩුලු 9 ට 565 යි
කොළඹ - දෙවැනි ඉනිම 72 යි

(නුවනිඳු ප්‍රනාන්දු 15, මනෝජ් සරත්චන්ද්‍ර 18, ප්‍රභාත් ජයසූරිය 11, අම්ෂි ද සිල්වා 12/2, ලසිත් ඇඹුල්දෙණිය 26/5, අශීන් ඩැනියෙල් 15/2)


අදහස් (0)

ඇඹුල්දෙණිය කොළඹ අඹරවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.