Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic අවිශ්ක අවස්ථා අපතේ හරී
2023 ජාතික සුපිරි ලීගය

අවිශ්ක අවස්ථා අපතේ හරී

editorial - 2023 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අවිශ්ක ප්‍රනාන්දු අවස්ථා අපතේ හරිද්දී, නැවත වරක් ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් දිනාගැනීමේ සටනට පිවිස සිටින ලසිත් ඇඹුල්දෙණිය (60/5) සහ නිම්සර අතරගල්ල එක්ව කොළඹ පිල අමාරුවේ දැමූහ. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන්නා වශයෙන් ලසිත්ගේ ප්‍රබලතම තරග කරුවා වන ප්‍රභාත් ජයසූරිය, පිත්තෙන් කළ හපන්කම නිසා ලකුණු 126 කට කඩුල 8 ක් අහිමි කරගෙන සිටි කොළඹ ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 214 ක් ලබාගත්හ.

එල්.පී.එල්. තරගාවලියේ දක්‍ෂතම පිතිකරුවා වූ නමුත් ඉන්දීය සංචාරයේදීත් අසාර්ථක වූ අවිශ්ක අද තරගයේදී ලබාගත්තේ ලකුණු 10 ක් පමණි.

ජාතික සුපර් ලීග් (සිව්දින) තරගාවලිය ආරම්භ කරමින් කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (19 වැනිදා) ආරම්භ වූ තරගයේදී කාසියේ වාසිය දිනාගත් කොළඹ කණ්ඩායම පළමුවෙන් පිතිහරඹය තෝරාගත්තේය. එහෙත් ඇඹුල්දෙණිය සහ අතරගල්ල දෙදෙනාගේ පන්දු යැවීම හේතුවෙන් කොළඹ ක්‍රීඩකයෝ ලකුණු 126 කට කඩුලු 8 ක් අහිමි කරගත්හ. පසුව එක්වූ නිසල තාරක (38) සහ ප්‍රභාත් ජයසූරිය (51) දෙදෙනා 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක් එකතු කරමින් කොළඹ කණ්ඩායම ලකුණු 200 න් ඔබ්බට කැඳවාගෙන ගියහ.

ප්‍රභාත්ගේ පන්දු 84 ක ඉනිම අවසන් කරමින් ලසිත් ඇඹුල්දෙණිය සිය පස්වැනි කඩුල්ල දවාගැනීමට පෙර ඉතාමත් ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ පිතිකරුවා, හතරේ පහර 5 ක් සහ හයේ පහරක් ද සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.


කොළඹ - පළමු ඉනිම 214 යි
(නිපුන් ධනංජය 16, අවිශ්ක ප්‍රනාන්දු 10, රොෂේන් සිල්වා 21, මනෝජ් සරත්චන්ද්‍ර 10, ලක්‍ෂිත මානසිංහ 14, නිසල තාරක 38, ඉසිත දේව් විජේසුන්දර 14, ප්‍රභාත් ජයසූරිය 51, ලසිත් ඇඹුල්දෙණිය 60/5, නිම්සර අතරගල්ල 62/4)

මහනුවර - පළමු ඉනිම කඩුලු 2 ට 96 යි
(ලසිත් කෲස්පුල්ලේ 29, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 32, සඳුන් වීරක්කොඩි නොදැවී 30)


අදහස් (0)

අවිශ්ක අවස්ථා අපතේ හරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.