Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic ගයික්වාඞ් - බ්‍රාවෝ චෙන්නායි පිලට ජය ගෙනෙති

ගයික්වාඞ් - බ්‍රාවෝ චෙන්නායි පිලට ජය ගෙනෙති

editorial - 2021 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

රුතුරාජ් ගයික්වාඞ්ගේ (නොදැවී 88) පිතිහරඹයත්, ඞ්වයින් බ්‍රාවෝගෝ තුන්ඉරියව් දක්ෂතාවයත් හේතුවෙන් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන් පිලට එරෙහිව ඩුබායිහිදී පැවැති 30 වැනි තරගය ලකුණු 20 කින් ජයගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල අද (19 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිල ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඞ් පන්දු 58 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 88 ක් රැස්කරමින් චෙන්නායි ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

ලකුණු 24 ක් තුල චෙන්නායි පිලේ පිතිකරුවන් සිව්දෙනෙකු දැවී ගිය අතර අම්බති රයිදු ලකුණු ලබාගැනීමට පෙර ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්විය. නමුත් රුතුරාජ් ගයික්වාඞ් සහ රවින්ද්‍ර ජදේජා එක්ව පස්වැනි කඩුල්ල සඳහා  පන්දු 64 කදී ලකුණු 81 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් චෙන්නායි ලකුණු සංඛ්‍යාව 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

රවින්ද්‍ර ජදේජා පන්දු 33 කදී හතරේ පහරක් සමගින් ලකුණු 26 ක් ලබාගත් අතර පසුපෙළ පිතිකරු ඞ්වයින් බ්‍රාවෝ වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 8 කදී හයේ පහර 3 ක් සමගින් ලකුණු 23 ක් ලබාගත්තේය.
ඇඩම් මිල්නේ, ජස්ප්‍රීට් බුම්රා සහ ටේ‍රන්ට් බෝල්ට් කඩුලු 2 බැගින් දවාගනිමින් මුම්බායි පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136 ක් පමණි.

සෞරබ් තිවාරී පන්දු 40 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට චෙන්නායි පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

ඕවර 4 බැගින් යැවූ ඞ්වයින් බ්‍රාවෝ ලකුණු 25 කට කඩුලු 3 ක් සහ දීපක් චාහර් ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

චෙන්නායි - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 156
(රුතුරාජ් ගයික්වාඞ් නොදැවී 88, රවින්ද්‍ර ජදේජා 26, ඞ්වයින් බ්‍රාවෝ 23, ඇඩම් මිල්නේ 21/2, ජස්ප්‍රීට් බුම්රා 33/2, ටේ‍රන්ට් බෝල්ට් 35/2)

මුම්බායි - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 136
(සෞරබ් තිවාරී නොදැවී 50, ඞ්වයින් බ්‍රාවෝ 25/3, දීපක් චාහර් 19/2)


අදහස් (1)

ගයික්වාඞ් - බ්‍රාවෝ චෙන්නායි පිලට ජය ගෙනෙති
  • Sk Monday, 20 September 2021 07:23 AM

    මහේලට මොකද වුණේ?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.