Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic දඹුල්ල සටනකින් තොරවම යටත්වෙයි
2023 ජාතික සුපිරි ලීගය

දඹුල්ල සටනකින් තොරවම යටත්වෙයි

editorial - 2023 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පළමු පෙළ තරගාවලිය යයි කීවද එහි පවතින දුර්වල ප්‍රමිතිය නැවත වරක් තහවුරු කළ දඹුල්ල ක්‍රීඩකයෝ ගාල්ල කණ්ඩායම හමුවේ ඉනිමකින් සහ ලකුණු 70 කින් පරාජය වූහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය දින 3 කින් නිමාවූ අතර දඹුල්ල කණ්ඩායම ඉනිම දෙකේදීම ලකුණු ලකුණු 155 කට සහ 114 කට දැවී ගියේය.

මුල් ඉනිමේදී ලකුණු 155 කට දැවී ගිය දඹුල්ල පිතිකරුවෝ, තරගයේ තුන්වැනි දිනයේදී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 184 ක ඉලක්කයක් කරා ගියහ. එහෙත් දෙවැනි ඉනිමේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 114 කි.

තරගය සෙනසුරාදා නිමාවට පත්විය.

දඹුල්ල - පළමු ඉනිම 155
ගාල්ල - පළමු ඉනිම 339

(ඇන්ජලෝ මැතිව්ස් 82, කවිශ්ක අංජුල 69, රමේෂ් මෙන්ඩිස් 60, අසිත ප්‍රනාන්දු 70/3, විශ්ව ප්‍රනාන්දු 75/3)

දඹුල්ල - දෙවැනි ඉනිම 114
(ඩිලාන් ජයලත් 47, නිමේෂ් ගුණසිංහ 29, මිලාන් රත්නායක 34/2, අසංක මනෝජ් 27/2, රමේෂ් මෙන්ඩිස් 23/3)


අදහස් (0)

දඹුල්ල සටනකින් තොරවම යටත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.