Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති තෙවැනි යොවුන් එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමත් විය.
මෙම ජයත් සමග තරග 6 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශ යෞවනයෝ සමත් වූහ. මැයි මස 3, 5 සහ 8 යන දිනවලදී තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීමට නියමිතය.
වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 22 කට සීමා වූ අතර එහිදී ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හිමිවිය. කෙසේ වුවත් එහිදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 120 ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැදී සිටි කවිජ ගමගේ පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 32 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය. දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ අල් ෆහාඩ් සහ අසිසුල් හකීම් කඩුලු 2 බැගින් දවාගත්හ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ නියමිත ඕවර 28 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 144 ක් ලබාගත්තේය. නායකත්වයේ පිතිහරඹයක නිරත වූ අසිසුල් හකීම් පන්දු 84 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 67 ක් රැස්කළේය.
බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 28 කදී කඩුලු 2 කට 144
(සවාද් අබ්‍රාබර් 38, අසිසුල් හකීම් නොදැවී 67, රිස්වාන් හොසන් නොදැවී 24)
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 22 කදී කඩුලු 7 කට 120
(චාමික හීනටිගල 16, රමිරු පෙරේරා 21, කවිජ ගමගේ නොදැවී 32, සනුජ නිඳුවර 18, අල් ෆාහඩ් 17/2, අසිසුල් හකීම් 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.