Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා පිලට දින 8 ක පුහුණුවක්

ශ්‍රී ලංකා පිලට දින 8 ක පුහුණුවක්

editorial - 2021 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම එංගලන්තය බලා පිටත්ව ගියේය. කොළඹ සිට මැන්චෙස්ටර් නුවර බලා පියාසර කළ ශ්‍රී ලංකා කණ්ඩායම දින 3 ක නිරෝධායන කාලයක් ගතකරනු ඇත. පසුව ජෛව බුබුළක් ලෙසින් දින 8 ක් පුහුණුවීම් කරන ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෝ මේ මස 18 වැනිදා සහ 20 වැනිදා දෙකට බෙදී පුහුණු තරග දෙකකට සහභාගි වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්‍ෂකවරයා වශයෙන් පත්කරන ලද ටොම් මූඩි මහතාද මෙවර එංගලන්ත සංචාරයට එක්ව සිටී. වසර ගණනාවක් එංගලන්තයේ වූස්ටර්ෂයර් සහ වොවික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කළ ටොම් මූඩි මහතා දෙවරක්ම (1987 සහ 1999) ලෝක කුසලාන දිනාගත් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ සාමාජිකයෙකි. වසර 2006 සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වූ මූඩි මහතා 2006 සාර්ථක එංගලන්ත සංචාරයේදීද ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා වී සිටියේය. එම සංචාරයේදී ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේදී එංගලන්තයට එරෙහිව 5-0 ක දැවැන්ත ජයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා - එංගලන්ත විස්සයි-20 තරගාවලියේ පළමු වැන්න 23 වැනිදා කාඩීෆ්හීදී පැවැත්වේ. පසුව තවත් තරග 3 ක එක්දින තරගාවලිය මේ මස 29 වැනිදා චෙස්ටර් ලී ස්ටී්‍රට් නුවරදී ආරම්භ වීමට නියමිතය.

(ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි)

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා පිලට දින 8 ක පුහුණුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.