Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධවාන්ටත් තරගාවලිය අහිමි වෙයි..?

ධවාන්ටත් තරගාවලිය අහිමි වෙයි..?

editorial - 2021 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෘනාල් පාණ්ඩ්‍යා ඇතුළු ක්‍රීඩකයන් 9 දෙනෙකුට ශ්‍රී ලංකාවට එරෙහි පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ ඉතිරි තරග සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී ඇතැයි වාර්තා වේ.

දෙවැනි විස්සයි20 තරගය ඊයේ (27 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබුණද තුන්ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යාට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව තහවුරු වීමත් සමගින් තරගය අදට (28 වැනිදා) කල් දැමීය.

කෙසේ වෙතත්, කෘනාල් සමගින් සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් තවත් ක්‍රීඩකයන් 8 දෙනෙකුට පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකර ඇති අතර ඔවුන්ගේ වාර්තා ඍණාත්මකවී ඇත. නමුත් එම ක්‍රීඩකයන්ද මේ වනවිට හුදකලා කර ඇති අතර ඔවුන් අවසාන තරඟ දෙක සඳහා සලකා බලනු නොලැබේ. එමෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින් ද ක්‍රීඩාංගණයට රැගෙන නොයනු ඇත.

ඒ අනුව නායක ශිකර් ධවාන්, හර්දික් පාණ්ඩ්‍යා, යුස්වේන්ද්‍ර චාහල්, සූර්යකුමාර් යාදව්, ප්‍රිත්වි ෂෝ, ක්‍රිෂ්ණප්පා ගෞතම්, ඉෂාන් කිෂාන්, මනිෂ් පාණ්ඩේ යන ක්‍රීඩකයන් 8 දෙනා කෘනාල් පාණ්ඩ්‍යාගේ සමීපතයක් ලෙස හදුනාගෙන ඇත.

මෙම තරගාවලිය සඳහා ඉන්දියාවට 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සහ දැල් පන්දු යවන්නන් පස් දෙනෙකු සිටින බැවින් නිරෝධායනය සඳහා යවන ලද ක්‍රීඩකයන් 9 දෙනා සඳහා ඔවුන් ආදේශ කිරීමට සිදුවනු ඇත. 

නායක ශිකර් ධවාන්ද නිරෝධායනය සඳහා යවා ඇති බැවින් උපනායක බුවනේෂ්වර් කුමාර්ට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරෙනු ඇතැයිද දැනගන්නට තිබේ.

දේව්දූත් පඩික්කල්, රුතුරාජ් ගයික්වාඩ්, සංජු සැම්සන් සහ නිතිෂ් රානා පමණක් ඉතිරි සංචිතයේ ඉතිරිව සිටින පිතිකරුවන් වන අතර පන්දුයවන්නන් 7 දෙනෙකු තරගය සඳහා එක්කර ගැනීමට ඉන්දීය කණ්ඩායමට සිදුවනු ඇත.

බුවනේශ්වර් කුමාර්ට අංක 5 හෝ 6 ස්ථානයේ පන්දුවට පහරදීමට සිදුවනු ඇති අතර එක්දින තරගාවලියේදී ලකුණු 69 ක් ලබාගනිමින් ඉන්දියාව ජයග්‍රහණය කරා මෙහෙයවූ දීපක් චහාර්ට ද ලකුණු රැස්කිරීමේ වගකීම පැවරෙනු ඇත.

ඉතිරි ස්ථාන සඳහා කුල්දීප් යාදව්, රාහුල් චහාර්, චේතන් සකරියා, නවදීප් සයිනි සහ වරුන් චක්‍රවර්ති විසින් අත්පත් කර ගනු ඇත.

2079 

 


අදහස් (0)

ධවාන්ටත් තරගාවලිය අහිමි වෙයි..?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.