Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අපට ලොකු දෙයක් කරන්න පුළුවන්

අපට ලොකු දෙයක් කරන්න පුළුවන්

editorial - 2022 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පල්ලේකැලේ තරග 2 ට වඩා තවත් 10% ක් වැඩියෙන් හොඳ දෙයක් කිරීමට ශ්‍රී ලංකා පිලට හැකියාවක් ලැබේ නම් එක්දින තරගාවලිය හොඳ විදියට ඉවර කළ හැකියි” යයි ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා දෙවැනි එක්දින තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී තරගයේ වීරයා වූ චාමික කරුණාරත්න පැවසීය.

ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ලකුණු 26 කින් ජයගත් දෙවැනි එක්දින තරගයට වනිඳු හසරංග ක්‍රීඩා කළේනම් ජයග්‍රහණය තවත් පහසු වීමට තිබූ බවද චාමික එහිදී පැවසීය.

පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වූ වනිඳු හසරංග මේ වනවිට සුවය ලබමින් සිටින බවත් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ඔහුට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ඇති බවත් චාමික වැඩි දුරටත් පැවසීය.

ලකුණු 43 කට ඕස්ට්‍රේලියානු ප්‍රබල පිතිකරුවන් තිදෙනකු ක්‍රීඩාගාරයට යවමින් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට චාමික කරුණාරත්නට ඊයේ (16 වැනිදා) තරගයේදී හැකිවිය.

මෙහිදී ළාබාල ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ඊයේ පැවැති තරගයේදී දැක්වූ දක්ෂතා අගය කිරීමටද චාමික අමතක නොකලේය.

“අවුරුදු 19 ක ලාබාල ක්‍රීඩකයකු විදියට ඔහුගේ ආකල්ප, ඒ වගේම ඔහු සටන් කරන විදියට ක්‍රීඩකයකු ලෙස මම ගොඩාක් අගය කරනවා. මේ වගේ ආකල්ප තියෙන ක්‍රීඩකයෝ ගොඩක් අඩුයි. ඒ වගේම එයා ගත්ත කඩුලු 2 ත් උඩපන්දුවත් තරගයේ ජයග්‍රහණයට ගොඩක් බලපෑවා” යැයි ද චාමික පැවසීය.

“රාමුවෙන් පිටතට ගිහින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් නොහිතන පැති ගැන හිතලා මමත් පිතිකරුවෙක් විදියට ඊටත් එහා කොහොමද තරගේ දිනන්නේ කියලා හිතලා සැලසුම් සකස් කලා. ඒක සාර්ථක වුනා. සමහර දවස්වලට අපේ සැලසුම් අසාර්ථක වෙනවා. මම හිතනවා අපි දාපු සැලසුම් මේ තරගටයට හරියටම වැඩ කළා කියලා”

“පල්ලේකැලේ සහ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ වල තණතීරු වල ලොකු වෙනසක් තමා නොදකින බවත් තෙවැනි තරගයට කණ්ඩායමේ ලොකු වෙනසක් නොකල යුතු බවත් ඔහු පැවසීය”

- 2079

 


අදහස් (0)

අපට ලොකු දෙයක් කරන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.