Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙග් ලැනිංග් (93), රුචෙල් හේන්ස් (86), ඈෂ්ලි ගාර්ඞ්නර් (56) සහ ටාලියා මැක්ග‍්‍රාත්ගේ (52) අර්ධ ශතක හමුවේ එංගල්නත කාන්තා පිලට එරෙහිව කැන්බෙරාහිදී අද (27 වැනිදා) ආරම්භ වූ කාන්තා අළු බඳුන තරගාවලිය, පළමු දිනට අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඕස්ටේ‍්‍රලියානු කාන්තා පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 327 ක් රැස්කිරීමට සමත්විය.
ශතකය පෙනී පෙනී නායිකා මෙග් ලැනිංග් ලකුණු 93 කට දැවී ගිය අතර පන්දු 170 කට මුහුණ දුන් ඇයගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් විය. ශතකය ආසනයට පැමිණි ආරම්භක පිතිකාරිණි රුචෙල් හේන්ස් පන්දු 180 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 86 ක් ලබාගත්තාය.
මැදපෙළ පිතිකාරිණියන් වූ ටාලියා මැක්ග‍්‍රාත් පන්දු 88 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 52 ක් සහ ඈෂ්ලි ගාර්ඞ්නර් පන්දු 74 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 56 ක් ලබාගැනීමට සමත්වූහ.
නැට් සේවියර් සහ කැතරින් බෘන්ට් කඩුලූ 3 බැගින් දවාගත්තද ඕස්ටේ‍්‍රලියානු පිතිකාරිණියන් මෙල්ල කිරීමට ඔවුන් අපොහෙසක් වූහ.
ඕස්ටේ‍්‍රලියා පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 327
(රුචෙල් හේන්ස් 86, මෙග් ලැනිංග් 93, ටාලියා මැක්ග‍්‍රාත් 52, ඈෂ්ලි ගාර්ඞ්නර් 56, නැට් සේවියර් 41/3, කැතරින් බෘන්ට් 52/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.