Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චමරි පර්ත් ස්කෝචර්ස් පිලට

චමරි පර්ත් ස්කෝචර්ස් පිලට

editorial - 2021 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙවර 7 වැනි වරටත් පැවැත්වීමට නියමිත කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියට එක්වීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ. ඇය පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.

තරග කාලසටහන මෙතෙක් නිකුත් කර නොමැති නමුත් අවසන් තරගයත් සමගින් තරග 59 ක් තරගාවලියට අයත්වේ. ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී තරගාවලිය පැවැත්වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටී.

මේ වනවිට 31 ක් හැවිරිදි වියේ පසුවන චමරි අතපත්තු 2017 සහ 2019 වසරවලදී පැවැති බිග් බෑෂ් ලීග් තරගාවලියහිදී මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම නියෝජනය කළාය.

එක්දින තරග 84 කදී සහ විස්සයි20 තරග 85 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතපත්තු එහිදි පිළිවෙලින් ලකුණු 2625 ක් සහ 1646 ක් රැස්කර ගැනීමට සමත්ව සිටින්නීය.

“චමරි අතපත්තු යනු අවිවාදයෙන්ම තරග දිනවන්නියක්. තරගයක ප්‍රතිඵලය වෙනස් කිරීමේ හැකියාවක් ඇයට තිබෙනවා” යැයි පර්ත් ස්කොචර්ස් කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෂෙලි නිට්ෂ්කේ මහත්මිය පවසයි.

කාන්තා බිග් බෑෂ් තරගාවලිය යනු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ විශාලතම විස්සයි20 තරඟාවලියයි. පිරිමි බිග් බෑෂ් ලීගයට සමාන ලෙස නගර පදනම් කරගත් කණ්ඩායම් අටක් මෙම තරඟාවලියටද ඇතුළත් වේ.

“පර්ත් මගේ දෙවන නිවස හා සමානයි. මගේ පවුලේ අය සහ මිතුරන් පර්ත්හි වාසය කරනවා” යැයි අතපත්තු පවසන්නීය.

“මට ඕස්ට්‍රේලියාවේ හොඳ සිහිවටන තිබෙනවා. මම එහි දේශගුණික තත්වයන්ට ඇලුම් කරන අතර ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ට එරෙහිව ක්‍රීඩා කිරීමටත් කැමතියි. ඔවුන් සතුව හොඳ වේගයක් සහ ඉපිලීමක් තිබෙනවා” යයිද පර්ත් පිල සමග ගිවිසුම්ගත වීමෙන් පසුව චමරි පැවසුවාය.

- 2079

 


අදහස් (0)

චමරි පර්ත් ස්කෝචර්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.