Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මෝඩ් ඉංජිනියර්ස් අවසන් මහ තරගයට

මෝඩ් ඉංජිනියර්ස් අවසන් මහ තරගයට

editorial - 2022 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

වෙළඳසේවා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට දුෂාන් හේමන්ති නායකත්වය දරණ මෝඩ් ඉංජිනියර්ස් පිල සමත්විය. වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයකදී හේලීස් ගෘප් පිලට එරෙහිව ලකුණු 19 ක ජයක් ලබාගැනීමට මෝඩ් ඉංජිනියර්ස් පිලට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය හේලීස් ගෘප් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 150 ක් පමණි.

නායක ඩිල්රුවන් පෙරේරා පන්දු 28 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් ලබාගනිමින් ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටියද සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් විය.

චතුරංග ද සිල්වා පන්දු 10 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 26 ක් සහ විශාද් රන්දික පන්දු 32 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 28 ක් ලබාගැනීමට සමත්වූහ.

ඉම්තියාස් ස්ලාසා, ටී.වීදුෂන්, අරුල් ප්‍රගාෂ් සහ දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින් දවාගනිමින් මෝඩ් ඉංජිනියර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

කාසියේ වාසිය දිනූ හේලීස් ගෘප් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මෝඩ් ඉංජිනියර්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 169 ක් ලබාගැනීමට සමත්විය.
වේගවත් පිතිහරඹයන්හී නිරත වූ නායක දුෂාන් හේමන්ත හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 47 ක් සහ අරුල් ප්‍රගාෂ් පන්දු 15 කදි හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 37 ක් ලබාගැනීමට සමත්වූහ. සජිත් ද සිල්වා පන්දු 43 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 45 ක් ලබාගනිමින් මෝඩ් ඉංජිනියර්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.

චතුරංග ද සිල්වා කඩුලු 3 ක් සහ තිලකරත්න සම්පත් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.
මෝඩ් ඉංජිනියර්ස් සහ ජෝන් කීල්ස් කණ්ඩායම් අතර අවසන් මහ තරගය 25 වැනිදා උදෑසන වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


මෝඩ් ඉංජිනියර්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 169
(සජිත් ද සිල්වා 45, දුෂාන් හේමන්ත 47, අරුල් ප්‍රගාෂ් 37, චතුරංග ද සිල්වා 20/3, තිලකරත්න සම්පත් 31/2)

හේලීස් ගෘප් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 150
(විශාද් රන්දික 28, චතුරංග ද සිල්වා 26, ඩිල්රුවන් පෙරේරා 42, ඉම්තියාස් ස්ලාසා 15/2, ටී.වීදුෂන් 17/2, අරුල් ප්‍රගාෂ් 24/2, දුෂාන් හේමන්ත 36/2)

 


අදහස් (0)

මෝඩ් ඉංජිනියර්ස් අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.