Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ළහිරු - නිපුන් - සහන්ගෙන් අර්ධ ශතක
සිංහ - කැන්ගරු සටන

ළහිරු - නිපුන් - සහන්ගෙන් අර්ධ ශතක

editorial - 2022 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඕස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේ ආරම්භක දිනය වූ අද (21 වැනිදා) සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දිනය අවසානයේ තරගය නතර කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 330 ක් රැස්කර සිටියේය.

එහිදී ළහිරු උදාර (63), නිපුන් ධනංජය (92) සහ සහන් ආරච්චිගේ (61) අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.

දිනය නිමාවනවිට මොහොමඩ් ශිරාස් එක් ලකුණක් සහ දිල්ශාන් මදුශංක ලකුණු 5 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ලකුණු 176 කට කඩුලු 5 ක් අහිමිව තිබියදී 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 124 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම ගොඩනැගීමට නිපුන් ධනංජය සහ සහන් ආරච්චිගේ සමත්වූහ.

නිපුන් ධනංජය පන්දු 130 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් හතරේ පහර 4 ක් සමගින් ලකුණු 92 ක් සහ සහන් ආරච්චිගේ පන්දු 124 කට මුහුණ දෙමින් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 61 ක් ලබාගත්හ. ආරම්භක පිතිකරු ළහිරු උදාර ද හතරේ පහර 3 ක් සමගින් ලකුණු 63 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක විය.

ලකුණු 30 ක් තුළ අවසන් කඩුලු 4 දැවීයාම හේතුවෙන් තරගයේ දෙවැනි දිනය වූ හෙට (22 වැනිදා) දිනයේදී ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ ලකුණු සංඛ්‍යාව තවත් ඉහළ දැමීමට තිබූ අවස්ථාව මඟ හැරුණි.

වේගපන්දු යවන්නන් වූ ස්කොට් බෝලන්ඩ් සහ මාක් ස්ටෙකෙටී කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. ඒරන් හාඩිට එක් කඩුල්ලක් හිමිවිය.


ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 330
(ළහිරු උදාර 63, නුවනිඳු ප්‍රනාන්දු 32, සදීර සමරවික්‍රම 29, නිපුන් ධනංජය 92, සහන් ආරච්චිගේ 61, ස්කොට් බෝලන්ඩ් 38/4, මාක් ස්ටෙකෙටී 69/4)


අදහස් (0)

ළහිරු - නිපුන් - සහන්ගෙන් අර්ධ ශතක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.