Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල් - පැතුම් හෙට තරගයටත්

කුසල් - පැතුම් හෙට තරගයටත්

editorial - 2022 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඉකුත් ඉරිදා (19 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගය තුළදී ආබාධයකට ලක්වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් හෙට (21 වැනිදා) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයට සහභාගි වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය තහවුරු කළේය.

තෙවැනි එක්දින තරගයේදී ලකුණු 292 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 181 කදී ලකුණු 170 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමට පැතුම් (137) සහ කුසල් (87) සමත් වූහ.

කෙසේ වුවත් පන්දුවට පහර දෙමින් සිටියදී ඔවුන් දෙදෙනා කිහිපවරක්ම අබාධ තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගත් අයුරු දැකගත හැකි විය. ශතකය පෙනි පෙනී සිටියදී කුසල්ට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවීම එම අබාධයන්ගේ නරකම ප්‍රථිඵලය ලෙස හැදින්විය හැකිය.

දිගින් දිගටම කෙණ්ඩ පෙරළීඹ හේතුවෙන් කඩුලු අතර දිවයෑමට අපහසුවූ කල්හි කුසල් පිටියෙන් ඉවත්ව ගියද, අපහසුතාවන් දරාගෙන ඉතා වෙහෙසකින් යුතුව පැතුම් දිගින් දිගටම පිතිහරඹයේ නිරත විය. ජයග්‍රහණය සඳහා ලකුණු 8 ක් පමණක් අවශ්‍යව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ 3 වැනි කඩුල්ල බවට පත්වෙමින් පැතුම් දැවී ගියේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවද සිය නම ඉදිරියේ සටහන් කරගනිමිනි.

පැතුම් සහ කුසල් හෙට තරගයට සහභාගී වීමට සූදානමින් සිටියද, පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක බොහෝ දුරට හෙට තරගයේදීත් විවේක ගන්වනු ඇති බවට වාර්තා වේ. ඊට හේතුවී ඇත්තේ තවමත් ඔවුන්ගේ ආබාධ තත්ත්වයන් පූර්ණ වශයෙන් සුව අතට හැරී නොතිබීමය.

 


අදහස් (0)

කුසල් - පැතුම් හෙට තරගයටත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.