Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා පිලට දිරි දීමට ‘අපේ කොල්ලෝ’ ගීතය

ශ්‍රී ලංකා පිලට දිරි දීමට ‘අපේ කොල්ලෝ’ ගීතය

editorial - 2021 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඩයලොග් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව  ශ්‍රී ලංකා කණ්ඩායමට දිරිදීම සඳහා ‘අපේ කොල්ලෝ’ ගීතය එළිදක්වා තිබේ. 

ශ්‍රී ලාංකේය ජනප්‍රිය ගායන තරු සහ ඩයලොග් සන්නාම තානාපතිවරු වන භාතිය, සන්තුෂ්, උමාරියා, යොහානි, සංඛ, සජිත, සනුක, සෙනාලි, මාධුවී සහ ආරාධිත ශිල්පියෙක් වන රෝයි ජැක්සන් මෙම ගීය වෙනුවෙන් ගායනයෙන් දායක වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලාංකියන්ගේ සුභාශිංසන පිරිනැමෙන පරිදි මේ ගීයේ පදනිර්මානය කරන ලද්දේ ට්‍රයිඇඩ් සමාගම විසිනි.

‘ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වශයෙන්, මෙම ලෝක කුසලාන තරගාවලියට පොරතුව, අපේ ජාතික කණ්ඩායමට සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේම සුබපැතුම් එක්කරමින් මම ජය ප්‍රර්ථනා කරනවා’ යැයි ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී අමලි නානයක්කාර මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 18 වැනිදා නැම්බියාවට එරෙහිව සිය මුල්ම තරගයට සහභාගි වෙයි. 


අදහස් (0)

ශ්‍රී ලංකා පිලට දිරි දීමට ‘අපේ කොල්ලෝ’ ගීතය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.