Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට ලකුණු 38 ක ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 38 ක ජයක්

editorial - 2021 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අබුඩාබිහිදී අද (14 වැනිදා) පැවැති දෙවැනි පුහුණු තරගයෙන් පැපුවා නිව්ගිනියාවට එරෙහිව ලකුණු 38 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය පැපුවා නිව්ගිනියාවට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124 ක් පමණි. ලකුණු 51 ක් ලබාගත් අසාද් වාලා පැපුවා නිව්ගිනියාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීය.

වනිඳු හසරංග ලකුණු 16 කට කඩුලු 2 ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර දසුන් ශානක, චාමික කරුණාරත්න සහ මහීෂ් තීක්‍ෂණ කඩුල්ල බැගින් දවාගනිමින් අනගි සහයක් ලබාදුන්හ. 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් රැස්කිරීමට සමත්විය. පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දුගේ අර්ධ ශතක ලබාගත්හ.

පසුගිය තරග කිහිපය තුලදී ලකුණු අතර නොසිටි පැතුම් නිස්සංක හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 76 ක් ලබාගත්තේය. අංක 4 ස්ථානයට පිවිසීමෙන් පසුව දිගින් දිගටම ලකුණු අතර සිටි අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගයේදීද හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 37 කදී වේගවත් ලකුණු 61 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. 

සිය ඕවර 4 ලකුණු 25 කට සීමාකළ පැපුවා නිව්ගිනියානු ක්‍රීඩක කුබුවා මොරේයා කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 162
(පැතුම් නිස්සංක 76, අවිශ්ක ප්‍රනාන්දු 61, කුබුවා මොරේයා 25/4)


පැපුවා නිව්ගිනියාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 124
(අසාද් වාලා 51, වනිඳු හසරංග 16/2, දුෂ්මන්ත චමීර 20/2)

- 2079

 


අදහස් (1)

ශ්‍රී ලංකාවට ලකුණු 38 ක ජයක්
  • K Perera Thursday, 14 October 2021 05:03 PM

    ජයවේවා කොල්ලනි... ප්‍රබල පැපුවා නිව්ගිනියාව මේ අයුරින් පරාජය කළාට මුළු රටේම සුබපැතුම්...!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.