Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිචඩ් අලුවිහාරේ කුසලාන ත්‍රිත්ව විදුහලට

රිචඩ් අලුවිහාරේ කුසලාන ත්‍රිත්ව විදුහලට

editorial - 2022 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ත්‍රිත්ව විදුහලත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් අතර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති 40 වැනි ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ කුසලාන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 04 ක ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත්විය .

කාසියේ වාසිය දිනු කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් ඕවර 49.4 තුළ සියලු දෙනා දැවී ලකුණු 150 ක් ලබාගත්හ.

ත්‍රිත්ව විදුහල එම ලකුණු සීමාව කඩුලු 06 ක් දැවී ඕවර 44.5 තුළදී පසුකර යාමට සමත් වීමෙන් මේ වසරේ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ කුසලානය දිනා ගත්තේය.

ත්‍රිත්ව විදුහල ජය මාවතට ගෙන යමින් පස්වැනි විකට්ටුව වෙනුවෙන් ලකුණු 77 ක සම්බන්ධතාවයක් ගොඩ නැංවූ රනිදු සෝමරත්න (52) සහ මනුල කුලරත්න (49) තම පිල ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වූහ.

 

ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 150
(තරිඳු ෂෙහාන් 37, ධනුක වික්‍රමසිංහ 29, ට්රෙවින් මැතිව්ස්  20, විභාවිත් ඇහැලේපොළ 22/4)

ත්‍රිත්ව විදුහල - ඕවර 44.5 කදී කඩුලු 6 ට 150 යි
(රනිදු සෝමරත්න 52, මනුල කුලරත්න 49, අසිත වන්නිනිනායක 27/3)

 


අදහස් (0)

රිචඩ් අලුවිහාරේ කුසලාන ත්‍රිත්ව විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.