Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානුවෝ 3-0 කින් ඉන්දියාව පරදවති
ඉන්දීය - දකුණු අප්‍රිකා 3 වැනි එක්දින තරගය

දකුණු අප්‍රිකානුවෝ 3-0 කින් ඉන්දියාව පරදවති

editorial - 2022 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය කණ්ඩායමට එරෙහිව කේප් ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (23 වැනිදා) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියෙන් 3-0 ක පූර්ණ ජයක් අත්කර ගැනීමටද දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 288 ක ඉලක්යක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 49.2 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 283 ක් පමණි. එහිදී කේෂව් මහරාජ් සහ ලුංගි න්ගිඩි කඩුලු 3 බැගින් බිඳහෙළමින් එහිදී ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

එහිදී ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 73 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 61 ක් රැස්කළ අතර විරාට් කෝලි (65) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 110 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔහු සමත් විය. පන්දු 84 කදී වාර්තා වූ කෝලිගේ අර්ධ ශතකය හතරේ පහර 5 කින් සමන්විත විය. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ දීපක් චාහර් පන්දු 34 කදී ලකුණු 54 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 287 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් පන්දු 130 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 124 ක් රැස්කළේය. එය ඩි’කොක්ගේ 17 වැනි ශතකය වූ අතර ශතකයක් සහ අර්ධ ශතකයක් සමග තරග 3 කදී ලකුණු 229 ක් රැස්කළ ඔහු තරගාවලියේ වීරයා ලෙසද සම්මාන ලැබීය.

ලකුණු 70 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී රාසි වැන්ඩර් ඩසන් (52) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 143 කදී ලකුණු 144 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩි’කොක් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. පන්දු 59 කට මුහුණදුන් ඩසන් හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සැරසීය. ඩේවිඩ් මිලර් පන්දු 38 කින් ලකුණු 39 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.


දකුණු අප්‍රිකාව - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 287
(ක්වින්ටින් ඩි’කොක් 124, රාසි වැන්ඩර් ඩසන් 52, ඩේවිඩ් මිලර් 39, ඩ්වේන් ප්‍රිටෝරියස් 20, ප්‍රසිද් ක්‍රිෂ්ණා 59/3, ජස්ප්‍රීට් බුම්රා 52/2, දීපක් චාහර් 53/2)

ඉන්දියාව - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 283
(ශිකර් ධවාන් 61, විරාට් කෝලි 65, ශ්‍රෙයාස් අයියර් 26, සූර්යකුමාර් යාදව් 39, දීපක් චාහර් 54, ඇන්ඩිල් පෙලුක්වායෝ 40/3, ලුංගි න්ගිඩි 58/3, ඩ්වේන් ප්‍රිටෝරියස් 52/2)

-036


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ 3-0 කින් ඉන්දියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.