Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීය - සාන්ත තෝමස් නිල් මහ සටන 16 වැනිදා සිට

රාජකීය - සාන්ත තෝමස් නිල් මහ සටන 16 වැනිදා සිට

editorial - 2023 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර දිවංගත ඩී.එස්. සේනානායක අනුමස්රණ පළිහ වෙනුවෙන් 144 වැනි වරටත් පවත්වනු ලබන ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය මෙම මස 16 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම වසරේදී රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක දසිස් මංචනායකට හිමිවී ඇති අතර කඩුලු රකින ක්‍රීඩක රොමේෂ් මෙන්ඩිස් සාන්ත තෝමස් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. මෙවර තරගය ඩයලොග් ටීවී නාලිකා අංක 22 ඔස්සේ සජීවී ලෙස විකාශය කෙරේ.

දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 143 න් තරග 35 ක ජය තමන් සතුකර ගැනීමට රාජකීය විදුහල සමත්ව ඇති අතර සාන්ත තෝමස් විදුහලද ජයග්‍රහණය 35 කට හිමිකම් කියයි. තරග 73 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබේ. අවසන් වරට 2019 වසරේදී පැවැති නිල් මහ සටන ජය ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් වූ අතර රාජකීය විදුහල අවසන් වරට නිල් මහ සටන ජයගෙන ඇත්තේ 2016 වසරේදීය.

මෙම මහ ක්‍රිකට් තරගයට සමගාමීව දෙවිදුහල් අතර ‘මස්ටෑන්ග්’ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික එක්දින තරගය මෙම මස 24 වැනිදා පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත. කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ සීමා ලිහිල්වීමත් සමග රාජකීය- ශාන්ත තෝමස් ඒකාබද්ධ තරග සංවිධාන කමිටුව දෙවිදුහල්වල ප්‍රධානීන්ගේ උපදෙස් මත සිසුන්, ආදි සිසුන් සහ ක්‍රීඩා ලෝලීන් ඇතුළුව ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් යුතුව මෙම තරග ද්විත්වය පැවැත්වීමට තීරණය කර ඇත.

මෙවර අන්තර් පාසල් තරග වාරයේදී රාජකීය විදුහල් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින නායක දසිස් මංචනායක, ද්විත්ව ශතකයක්ද සමග රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1059 කි. රෙහාන් පීරිස් ලකුණු 604 ක්ද, උවිඳු වීරසේකර ලකුණු 558 ක්ද ලබා ඔහුට පසුපසින් රැදී සිටිති. නෙත්වින් ධර්මදාස කඩුලු 31 ක් දවාගනිමින් කඩුලු ලාභීන් අතර පෙරෙමුණේ පසුවන අතර  රමිරු පෙරේරා කඩුලු 29 ක්ද, නායක මංචනායක කඩුලු 27 ක්ද බිඳහෙළා ඇත.

නායක රොමේෂ් මෙන්ඩිස් මෙවර අන්තර් පාසල් තරග වාරයේදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇත්තේ ලකුණු 776 ක් රැස්කරමිනි. ලකුණු 597 ක් ලබා සිටින ආරම්භක පිතිකරු තිසෙන් ඇහැලියගොඩ සහ ලකුණු 542 ක් ක් ලබා සිටින උප නායක මහිත් පෙරේරා සාන්ත තෝමස් විදුහලේ පිතිකරු ලයිස්තුව තවත් ශක්තිමත් කරති. වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන නේතන් කල්දේරා කඩුලු 60 කට හිමිකම් කියන අතර චාරුක පීරිස් කඩුලු 55 ක්ද, ආකාෂ් ප්‍රනාන්දු කඩුලු 49 ක්ද දවාගෙන ඇත.

රාජකීය - සාන්ත තෝමස් මහ තරගයේදී බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පසු කලෙක ශ්‍රී ලංකාව පාලනය කිරීමට වරම් ලැබූවෝද වූහ. ඩී.එස් සේනානායක (1901-1902), ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක (1927-1929) යන හිටපු අගමැතිවරුන් සාන්ත තෝමස් විදුහල නියෝජනය කරමින්ද, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල (1914-1915) මෙන්ම ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන (1925) යන මහත්වරු රාජකීය විදුහල නියෝජනය කරමින්ද මෙම ඓතිහාසික නිල් මහ සටනට ක්‍රීඩා කළහ.

මෙම තරගයේදී රැස් කරන සෑම ලකුණකටම රු.1000 ක මුදලක් හා බිඳ වැටෙන සෑම කඩුල්ලකටම රුපියල් 10,000 ක මුදලක් ලබාදීමට එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන ඩයලොග් ආසිආටා සමාගම ප්‍රතිඥාවක් ලබාදී ඇත. ඒ අනුව පසුගිය වසරේදී රුපියල් 834,000 ක මුදලක්ිඡක්හ දෙර ් ක්‍්මිැ’ වෙනුවෙන් පිරිනමා තිබේ. එම මූල්‍ය ප්‍රදානය කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිතුමන් සහ සාන්ත තෝමස් විදුහලේ විද්‍යාලාධිපතිතුමන්ගේ උපදෙස් අනුව උපකාර අවශ්‍ය පාසල් සදහා ලබාදීමට කටයුතු කරන ලදී.


රාජකීය විදුහල් සංචිතය
ඉදිරි පෙළ වමේ සිට - රියාස් අලුහර් (සහකාර විදුහල්පති), ඩෑන් පොඩ්ඩිවෙල, එම්.වී.එස්. රත්නායක (ජ්‍යෙෂ්ට නියෝජ්‍ය විදුහල්පති), දසිස් මංචනායක (නායක), ආර්.එම්.එම්. රත්නායක (විදුහල්පති), සිනෙත් ජයවර්ධන (උප නායක), ප්‍රසාද් වීරසිරි (නියෝජ්‍ය විදුහල්පති), උවිඳු වීරසේකර, අනුර ප්‍රසන්දිත් (ක්‍රීඩා භාර ආචාර්ය) සහ රොහාන් සොයිසා (ප්‍රධාන පුහුණුකරු)
දෙවැනි පෙළ වමේ සිට - සවිඳු සෙනරත්, සන්දේෂ් රාමනායක, බුලාන් වීරතුංග සහ රමිරු පෙරේරා
තෙවැනි පෙළ වමේ සිට - මේනක හෙයියන්තුඩුව, ඉසුල ගීගනගේ, තමෝද් යසෝද, රෙහාන් පීරිස්, නෙත්වින් ධර්මරත්න සහ කුචිල රන්මඬල
සිවුවැනි පෙළ වමේ සිට - දිනුර සේනාරත්න, අනුෂ් පොලොන්නෝවිට, රනුක මල්ලවාරච්චි, ඔවින අඹන්පොල සහ ගීෂාන් පෙරේරා


සාන්ත තෝමස් විදුහල් සංචිතය
ඉදිරි පෙළ වමේ සිට - දිනෙත් ගුණවර්ධන, ආකාෂ් ප්‍රනාන්දු, චාරුක පීරිස්, සෙනෙෂ් හෙට්ටිආරච්චි, රොමේෂ් මෙන්ඩිස් (නායක), මහිත් පෙරේරා, නේතන් කල්දේරා, සේනාධි බුලන්කුලම සහ කවිඳු ඩයස්
පසු පෙළ වමේ සිට - අරිත් අදිකාරම්, ශනිල් පෙරේරා, අභීත් පරණවිදාන, තිසෙන් ඇහැලියගොඩ, යුමාල් බොල්ලෙගල, ධිරේන් ද සිල්වා, සදෙව් සොයිසා, අෂේන් පෙරේරා, අවිනාෂ් ප්‍රනාන්දු සහ ඩැරින් දියේගෝ

 


අදහස් (0)

රාජකීය - සාන්ත තෝමස් නිල් මහ සටන 16 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.