Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

ඉන්දීය ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2022 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 34 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි. එහිදී රාධා යාදව් ලකුණු 22 කට කඩුලු 2 ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළාය. දීප්ති ශර්ම සහ ශෆාලි වෙර්මා කඩුල්ල බැගින් දවාගනිමින් ඒ සඳහා රාධාට අනගි සහායක් දුන්හ. 

දක්ෂ පිතිහරඹයක නිරත වූ කවීෂා දිල්හාරි පන්දු 49 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 47 ක් රැස්කිරීමට සමත් වුවද, සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් ඇයට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූවාය. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 19 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක් ලබා සිටියදී දැවී ගියාය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 138 ක් ලබා ගත්තේය. ඉන්දීය කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ ජෙමියා රොඩි්‍රගස් පන්දු 27 කින් ලකුණු 36 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. නායිකා හර්මන්ප්‍රීත් කෝර් පන්දු 20 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක් රැස්කළාය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ පිට දඟ පන්දුයවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර ලකුණු 30 කට කඩුලු 3 ක් බිඳහෙළුවාය. ආරම්භයේදීම ඉන්දිය කණ්ඩායම දැඩි පීඩනයකට පත් කිරීමට ඕෂධී රණසිංහ සමත් වූයේ ලකුණු 22 කට කඩුලු 2 ක් බිඳහෙළමිනි. නායිකා චමරි අතපත්තු යැවූයේ ඕවර 2 ක් පමණක් වුවද, එහිදී ආරම්භක පිතිකාරිණී ශෆාලි වෙර්මා (31) පිටියෙන් ඉවත් කිරීමට ඇය සමත් වූවාය. 

ඉන්දීය කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 138 
(ශෆාලි වෙර්මා 31, හර්මන්ප්‍රීත් කෝර් 22, ජෙමියා රොඩි්‍රගස් නොදැවී 36, පූජා වස්ත්‍රකාර් 14, දීප්ති ශර්මා නොදැවී 17, ඉනෝකා රණවීර 30/3, ඕෂධී රණසිංහ 22/2) 

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 104 
(චමරි අතපත්තු 16, කවීෂා දිල්හාරි නොදැවී 47, රාධා යාදව් 22/2) 


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.