Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝඩුකාර කේෂව් දකුණු අප්‍රිකානු සංචිතයට

කෝඩුකාර කේෂව් දකුණු අප්‍රිකානු සංචිතයට

editorial - 2021 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු සංචිතයට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් කැඳවා ඇත. මේ දක්වා ටෙස්ට් තරග 36 කට සහ එක්දින තරග 14 කට ක්‍රීඩා කර ඇති මහරාජ්, විස්සයි20 අන්තර්ජාතික තරග වරම් දිනාගත්තේ පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේදීය.

මේ දිනවල ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙසද කටයුතු කරන මහරාජ්, අන්තර්ජාතික නොවන, විස්සයි20 තරග 104 කට ක්‍රීඩා කර තිබේ. ඒවායේදී කඩුලු 83 ක් දවාගෙන ඇත්තේ 28.81 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. අන්තර්ජාතික නොවන තරග වලදී ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 524 කි. ‍

විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැදී සිටින චයිනමන් පන්දු යවන ක්‍රීඩක තබ්‍රේස් ශම්ෂි සහ නවක වමතින් දඟ පන්දු යවන්නකු වන බියොන් ෆෝචූන් දකු‍ණු අප්‍රිකානු සංචිතයට ඇතුළත්ව සිටින සෙසු දඟ පන්දු යවන්නෝ වෙති. ශ්‍රී ලංකා සංචාරයේදී විස්සයි20 වරම් දිනාගත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ජෝර්ජ් ලින්‍ඩි ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කර ඇත. ‍

ටෙම්බා බවුමා නායකත්වය දරන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක් සහ ඒඩ්න් මාක්‍රම් කටයුතු කිරීමට නියමිතය. නායක බවුමා සමගින් රීසා හෙන්ඩ්‍රික්ස්, රාසි වැන්ඩර් ඩසන් සහ ඩේවිඩ් මිලර් කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කරනු ඇත. හෙන්රික් ක්ලාසෙන් සංචිතයට ඇතුළත්ව සිටින්නේ අතිරේක කඩුලු රකින්නා ලෙසිනි.

දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩකයන් තිදෙදෙනෙක් වන කගිසෝ රබාඩා, ලුංගි න්ගිඩි සහ ඇන්රික් නොයේ දකුණු අප්‍රිකානු වේග පන්දු බලඇණිය සවිමත් කරති. වියාන් මල්ඩර් සහ ඩ්වේන් ප්‍රිටෝරියස් තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටින අතර ඔවුන් දෙදෙනාම දකුණුතින් මඳ වේග පන්දු යවමින්, වේග‍යෙන් ලකුණු රැස්කරන ක්‍රීඩකයන් ලෙස හැදින්විය හැකිය.


දකුණු අප්‍රිකානු ලෝක කුසලාන සංචිතය
ටෙම්බා බවුමා (නායක), ක්වින්ටින් ඩි’ කොක්, රීසා හෙන්ඩ්‍රික්ස්, හෙන්රික් ක්ලාසෙන්, කේෂව් මහරාජ්, ඒඩ්න් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, වියාන් මල්ඩර්, ලුංගි න්ගිඩි, ඇන්රික් නොයේ, ඩ්වේන් ප්‍රිටෝරියස්, කගිසෝ රබාඩා, තබ්‍රේස් ශම්ෂි, රාසි වැන්ඩර් ඩසන් සහ බියොන් ෆෝචූන්

අතිරේක ක්‍රීඩකයෝ
ඇන්ඩිල් පෙලුක්වායෝ, ලිසාඩ් විලියම්ස් සහ ජෝර්ජ් ලින්ඩි

-036

 


අදහස් (0)

කෝඩුකාර කේෂව් දකුණු අප්‍රිකානු සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.