Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව 2-1 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී
අහමදාබාද් ටෙස්ට් තරගය

ඉන්දියාව 2-1 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී

editorial - 2023 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගණයේදී පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (13 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. මෙම තරගය ජය පැරදුමකින් තොරව අවසන් වුවද, දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත් විය.

තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඕස්ටේ්‍රලියානු කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 175 ක් ලබා සිටියේය. ඒ වන විට මානස් ලැබුෂේන් හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 63 ක්ද, නායක ස්ටීවන් ස්මිත් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 10 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
 
සිවුවැනි දිනය වූ ඊයේ (12 වැනිදා) ක්‍රීඩාව නරත කරන විට කිසිවකු නොදැවී ලකුණු 3 ක් ලබා සිටි ඕස්ටේ්‍රලියානුවෝ, අද දිනයේදී සිය දෙවැනි ඉනිමට ලකුණු 172 ක් එක්කර ගත්හ. එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 90 ක් ලබා සිටි ආරම්භක පිතිකරු ට්‍රැවීස් හෙඩ් ශතකය පෙනී පෙනී දැවී ගියේය.


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 480
ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 571
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 175
(ට්‍රැවීස් හෙඩ් 90, මානස් ලැබුෂේන් නොදැවී 63)

-036


අදහස් (0)

ඉන්දියාව 2-1 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.