Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මෙතෝදිස්ත උසස් පාසල ශූරතාව දිනයි

මෙතෝදිස්ත උසස් පාසල ශූරතාව දිනයි

editorial - 2022 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III කොටස් ‘ඒ’ කණ්ඩයේ ශූරතාව දිනාගැනීමට මොරටුව මෙතෝදිස්ත උසස් පාසල සමත් විය. ඔවුන් එම ශූරතාවට හිමිකම් කීවේ තරගාවලිය පුරා සිය අපරාජිත බව රැකගමිනි.

මින්නේරියේ පිහිටි ජනරාල් ලයනල් බලගල්ල ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී යාපනය මැදි විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් මෙතෝදිස්ත උසස් පාසල මෙවර ශූරතාවට හිමිකම් කීවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය මෙතෝදිස්ත උසස් පාසල් ක්‍රීඩකයෝ ඕවර 47.3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු කවින් ප්‍රනාන්දු පන්දු 123 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 141 ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය මැදි විදුහල ඕවර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 250 ක් රැස්කළේය. එහිදී ආරම්භක පිතිකරු ජයතීෂ්වරන් විතූසන් පන්දු 131 කදී ලකුණු 86 ක් රැස්කළේ හතරේ පහර 9 ක් සමගිනි.


යාපනය මැදි විදුහල - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 250
(ජයතීස්වරන් විතූසන් 86, මතීස්වරන් සංජයන් 31, විනජකසෙල්වම් කවිතර්සන් නොදැවී 24, අනන්තන් කාජන් 22, එස්. සාරංගන් 16, සිහින ප්‍රනාන්දු 48/3)

මෙතෝදිස්ත උසස් පාසල - ඕවර 47.3 කදී කඩුලු 4 ක් දැවී 251
(කවින් ප්‍රනාන්දු 141, තිසර ජයංග 43, සිහින ප්‍රනාන්දු නොදැවී 17)

-036

 


අදහස් (0)

මෙතෝදිස්ත උසස් පාසල ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.