Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තාන සුපිරි ලීගයේ ශූරතාව ලාහෝරයට

පාකිස්තාන සුපිරි ලීගයේ ශූරතාව ලාහෝරයට

editorial - 2023 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලාහෝර් කොලෑන්ඩර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය මුල්තාන් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 199 ක් පමණි. ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේදී ලකුණු 4 ක් අවශ්‍ය වූ නමුත් තෙවැනි ලකුණ සඳහා දිවයමින් සිටියදී කුෂ්දිල් ෂා දුවද්දී දැවී යෑමත් සමග ලාහෝර් පිලට ලකුණක ජයක් හිමි විය.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 51 කට කඩුලු 4 ක් බිඳහෙළමින් මුල්තාන් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය. ඒ සඳහා අනගි සහායක් දුන් රෂීඩ් ඛාන් ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත් විය.
 
පළමුවෙන් පන්දුවට පහරදුන් මුල්තාන් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 200 ක් ලබාගත් අතර වේගවත් පිතිහරඹයක නිරත වූ මොහොමඩ් ශෆීක් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 65 ක් රැස්කළේය.

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ශහීන් ශා අෆ්රිඩ් පන්දු 15 කින් නොදැවී ලකුණු 44 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. ආරම්භක පිතිකරුවන් වූ මිර්සා බේග් (30) සහ ෆකාර් සමාන් (39) ලාහෝර් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.


ලාහෝර් කොලෑන්ඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 200
(මිර්සා බේග් 30, ෆකාර් සමාන් 39, මොහොමඩ් ශෆීක් 65, ශහීන් ෂා අෆ්රිඩි නොදැවී 44, උසාමා මීර් 24/3)

මුල්තාන් සුල්තාන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 199
(උස්මාන් ඛාන් 18, මොහොමඩ් රිස්වාන් 34, රලී රූසොව් 52, කිරන් පොලාඩ් 19, ටිම් ඩේවිඩ් 20, කුෂ්දිල් ෂා 25, ශහීන් ශා අෆ්රිඩ් 51/4, රෂීඩ් ඛාන් 26/2)


අදහස් (0)

පාකිස්තාන සුපිරි ලීගයේ ශූරතාව ලාහෝරයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.